ඔයා ආස නැද්ද අම්මෙක් වෙලා මේ ගෙදර පාලුව මකන්න පුංචි පැටියෙක් ගේන්න?
ඔයා ආස නැද්ද තාත්තා තාත්තා කිය කිය ඇගේ දැවටෙන පුංචි පැටියෙක් අපිටත් ඉන්නවට?
පවුලක් සම්පූර්ණ වෙන්න පුංචි පැටියෙකුත් ඕනේමයි කියලා කතාවටත් කියනවානේ. විවාපත් යුවළක් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ එයාලගේ ආදරේ සංකේතයක් විදියට පුංචි පැටියෙක් අරගෙන එන්න. පුංචි පැටියෙක් උණුසුමේ රඳවාගෙන නලවන්න සිහින දකින ඔබේ එකම පැතුම නිරෝගී සුරතල් දරු පැටියෙක් නේ ද?
නිරෝගී දරු පැටියෙකුගේ මව්පියන් වෙන්න පෙරුම් පුරන ඔබ බොහොමයක් දේ ගැන දැනුවත් විය යුතුයි. ඒ නිසාම අම්මාගේ කුසේ පුංචි පැටියෙක් හැදෙන හැටි වගේම එයා දෝතට ලැබෙන තුරු යුවළක් දැනුවත් විය යුතු කරුණු ගැනත් මෙතැන් සිට අපි කතා කරමු.
කාන්තාවක හා පුරුෂයෙකු ලිංගිකව එක් වී (උපත් පාලන ක්‍රමවලින් තොරව) කාන්තාව ගැබ් ගැනීමේ සම්භාවිතාව පළමු මස ඇතුළත 10%ක්ද තුන් මසක් ඇතුළත 30%ක්ද වසරක් පුරා 85% ක් ද වේ. ඉතිරි 15%න් අඩකට ද (මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් නම්) කිසිදු ප්‍රතිකාරයකින් තොරව ගැබ් ගැනීමේ හැකියාව පවතී.
කාන්තාවකගේ කුස තුළ දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇයගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවිය යුතු අතරම සරුකාල සීමාව පිළිබඳව දැනුවත් වීම ද ඉතා වැදගත් වේ. ඒ සම්බන්ධයෙන් පෙර ලිපි හරහා ඔබව දැනුවත් කළ බව ඔබට මතක ඇති.
ඔසප් චක්‍රය ආරම්භ වන්නේ දරු පිළිසිඳ ගැනීමක් සඳහා ගර්භාෂය අලුතින් සූදානම් වීමට වන අතරම පිළිසිඳ ගැනීමක් සිදු වී ඇත්නම් ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත.
සිරුරේ සිදුවන හෝමෝන වෙනස්වීම් හේතුවෙන් බහුතරයක් මව්වරුන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු විය හැකි ය. මෙය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
මෙය ද ගැබ් ගැනීම හේතුවෙන් සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් මත ඇති වන ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
සුලබ නොවන තත්ත්වයක් වුවත් මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගනිමින් තත්ත්වය හඳුනා ගැනීම නුවණට හුරුය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.
මාසික ඔසප් සිදුවන දිනය පසු වී සතියක් පමණ ගත වූ පසු ගැබිනි බව තහවුරු කරගැනීමේ පරීක්ෂණය ඔබට නිවසේදීම වුවත් සිදුකරගත හැකි ය. (මේ වන විට ඉතා සංවේදී පරීක්ෂණ කට්ටල වෙළඳ පොලේ ඇති අතරම ඒවායින් ඔසප් සිදුවන දිනය පසු වී දින දෙකකින් වුවද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි) මේ සඳහා බොහෝ විට රසායනාගාර වෙත යාම අත්‍යවශ්‍ය නොවේ.
මෙහිදී
ඉහත සදහන් ප්‍රතිඵලය අසාර්ථක නම් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
ඔයා ආස නැද්ද අම්මෙක් වෙලා මේ ගෙදර පාලුව මකන්න පුංචි පැටියෙක් ගේන්න?
ඔයා ආස නැද්ද තාත්තා තාත්තා කිය කිය ඇගේ දැවටෙන පුංචි පැටියෙක් අපිටත් ඉන්නවට?
පවුලක් සම්පූර්ණ වෙන්න පුංචි පැටියෙකුත් ඕනේමයි කියලා කතාවටත් කියනවානේ. විවාපත් යුවළක් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ එයාලගේ ආදරේ සංකේතයක් විදියට පුංචි පැටියෙක් අරගෙන එන්න. පුංචි පැටියෙක් උණුසුමේ රඳවාගෙන නලවන්න සිහින දකින ඔබේ එකම පැතුම නිරෝගී සුරතල් දරු පැටියෙක් නේ ද?
නිරෝගී දරු පැටියෙකුගේ මව්පියන් වෙන්න පෙරුම් පුරන ඔබ බොහොමයක් දේ ගැන දැනුවත් විය යුතුයි. ඒ නිසාම අම්මාගේ කුසේ පුංචි පැටියෙක් හැදෙන හැටි වගේම එයා දෝතට ලැබෙන තුරු යුවළක් දැනුවත් විය යුතු කරුණු ගැනත් මෙතැන් සිට අපි කතා කරමු.
කාන්තාවක හා පුරුෂයෙකු ලිංගිකව එක් වී (උපත් පාලන ක්‍රමවලින් තොරව) කාන්තාව ගැබ් ගැනීමේ සම්භාවිතාව පළමු මස ඇතුළත 10%ක්ද තුන් මසක් ඇතුළත 30%ක්ද වසරක් පුරා 85% ක් ද වේ. ඉතිරි 15%න් අඩකට ද (මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් නම්) කිසිදු ප්‍රතිකාරයකින් තොරව ගැබ් ගැනීමේ හැකියාව පවතී.
කාන්තාවකගේ කුස තුළ දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇයගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවිය යුතු අතරම සරුකාල සීමාව පිළිබඳව දැනුවත් වීම ද ඉතා වැදගත් වේ. ඒ සම්බන්ධයෙන් පෙර ලිපි හරහා ඔබව දැනුවත් කළ බව ඔබට මතක ඇති.
ඔසප් චක්‍රය ආරම්භ වන්නේ දරු පිළිසිඳ ගැනීමක් සඳහා ගර්භාෂය අලුතින් සූදානම් වීමට වන අතරම පිළිසිඳ ගැනීමක් සිදු වී ඇත්නම් ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත.
සිරුරේ සිදුවන හෝමෝන වෙනස්වීම් හේතුවෙන් බහුතරයක් මව්වරුන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු විය හැකි ය. මෙය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
මෙය ද ගැබ් ගැනීම හේතුවෙන් සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් මත ඇති වන ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
සුලබ නොවන තත්ත්වයක් වුවත් මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගනිමින් තත්ත්වය හඳුනා ගැනීම නුවණට හුරුය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.
මාසික ඔසප් සිදුවන දිනය පසු වී සතියක් පමණ ගත වූ පසු ගැබිනි බව තහවුරු කරගැනීමේ පරීක්ෂණය ඔබට නිවසේදීම වුවත් සිදුකරගත හැකි ය. (මේ වන විට ඉතා සංවේදී පරීක්ෂණ කට්ටල වෙළඳ පොලේ ඇති අතරම ඒවායින් ඔසප් සිදුවන දිනය පසු වී දින දෙකකින් වුවද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි) මේ සඳහා බොහෝ විට රසායනාගාර වෙත යාම අත්‍යවශ්‍ය නොවේ.
මෙහිදී
ඉහත සදහන් ප්‍රතිඵලය අසාර්ථක නම් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා කුසට ඇවිත් අම්මාගේ සිරුරේ හෝමෝනවල එක එක විදියේ වෙනස්කම් වෙලා. ඒ දේවල් නුහුරු නිසාම අම්මාට ටිකක් අපහසුයි. පුංචි පැටියාගේ තාත්තාට මේ කාලෙත් ලොකු වගකීමක් පැවරෙනවා. අම්මාගේ අපහසුතා අවම කරගන්න අම්මට උදව් වෙන්න ඉන්නේ තාත්තා තමයි. මේ දේවල් ඇඟට හුරු වෙන්න හුරුවෙන්න බහුතරයක් අම්මලාට ටික දවසකින් අපහසුතා මග ඇරිලා යනවා.
පුංචි පැටියා කුසට ඇවිත් අම්මාගේ සිරුරේ හෝමෝනවල එක එක විදියේ වෙනස්කම් වෙලා. ඒ දේවල් නුහුරු නිසාම අම්මාට ටිකක් අපහසුයි. පුංචි පැටියාගේ තාත්තාට මේ කාලෙත් ලොකු වගකීමක් පැවරෙනවා. අම්මාගේ අපහසුතා අවම කරගන්න අම්මට උදව් වෙන්න ඉන්නේ තාත්තා තමයි. මේ දේවල් ඇඟට හුරු වෙන්න හුරුවෙන්න බහුතරයක් අම්මලාට ටික දවසකින් අපහසුතා මග ඇරිලා යනවා.
ආහාර වර්ග, ඒවායේ සුවඳ පිළිබඳ අපුලක් ගැබිනි මවකට ඇති වීම සාමාන්‍යයි. වෙනදා කන්න කොයිතරමක් ආස කෑමක් වුණත් මේ කාලයේදී දකින්නවත් ප්‍රිය නොවිය හැකියි.
බොහොමයක් ගැබිනි මව්වරුන්ට මේ කාලයේදී ඔක්කාරය/වමනය ඇති වෙනවා. ඉතා අඩු පිරිසකට තමයි මේ තත්ත්වය ඇති නොවන්නේ. උදෑසන, දහවල, රාත්‍රිය කියා වෙනසකින් තොරව ගැබිනි මවකට ඔක්කාරය ඇති විය හැකියි. ඒ වගේම තමයි බොහෝ දෙනෙක්ට පළමු ත්‍රෛමාසිකය අවසානයත් සමගට මේ තත්ත්වය මගහරුණත් මුලු ගැබිනි සමය පුරාම මේ අත්දැකීම ලබන මව්වරුනුත් ඉන්න බැරි නැහැ.
සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා වකුගඩුවල රුධිරය පෙරීම සම්බන්ධව යම් බලපෑමක් ඇති වීමත් එසේම පුංචි පැටියා ටිකෙන් ටික වර්ධනය වෙද්දී මුත්‍රාශය මත යෙදෙන තෙරපුම වැඩි වෙන නිසාත් නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.
ගැබිනි මවකගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිම්බුණු මෙන්ම තද ස්වරූපයක් ඇති පියයුරු ඇල්ලූ විට වේදනාකාරීය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.
තවත් සතියක් ඇරඹුණා. මේ වෙද්දී අපේ පුංචි පැටියා තල ඇටයක් තරම් ඇතිලු. සොබාදමේ ආශ්චර්යයන් ගැන නම් හිතාගන්නත් බැරි තරම්. ඇත්තටම කොහොමද මේ විදියට අම්මාගේ කුස ඇතුලේ පුංචි පැටියෙක් හැදෙන්නේ කියලා හිතෙද්දී පුදුමත් හිතෙනවා. සතිය සතිය ගෙවිලා ගිහින් පුංචි පැටියා අම්මාගේ දෝතට එන දවසත් ඉක්මනින්ම ළං වෙයි.
ඔබ සති පහක ගැබිනියක්. දැන් දැන් කුස ඇතුළේ දරු පැටියාගේ වර්ධනය බොහොම වේගවත්ව සිදුවෙනවා. තාමත් මිලිමීටර් දෙකකට වැඩි නැහැ. මේ වෙද්දී ඉස්ගෙඩියෙකුගේ හැඩය මේ කලලයට ලැබිලා. ඔන්න දැන් තමයි ජීවියෙකුගේ හැඩය කළලයට ලැබෙන්න පටන් අරගෙන තියෙන්නේ.
මේ පුංචි කළලයේ හෘදය ක්‍රියාත්මකයි. ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය සැකසීම ඇරඹිලා. ස්වේද ග්‍රන්ථි, දහදිය ග්‍රන්ථි, ස්තන ග්‍රන්ථි, තෛරොයිඩ් ග්‍රන්ථිය වගේම පෙනහලු, මුත්‍රා වාහිනී පද්ධතිය, අන්ත්රය, අක්මාව, අග්න්‍යාෂය, දත්, නියපොතු සකස් වීමත් වර්ධනය වීමත් දැන් ආරම්භ වෙලා.
අම්මාගේ කුස තවමත් ඉදිරියට නෙරා විත් නැහැ. අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් මේ වන විට පැස සමගම ඉතාම කුඩාවට කළලය ද දැක ගත හැකියි.
සිව්වන සතියේ සඳහන් කළ පරිදිම ගැබිනි බව හේතුවෙන් මවගේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස් වීම නිසා ඇති වුණු අපහසුතා බොහොමයක් මේ සතිය තුළත් මවට අත්විඳින්න සිදුවෙනවා. මේ වෙනස් වීම සිරුරට හුරුවන තෙක් මේ තත්ත්වය ඒ ආකාරයෙන්ම පැවතිය හැකියි. සුළුතරයක් මව්වරුන්ට මෙවැනි අපහසුතා ඇති නොවෙන අවස්ථාත් තිබෙනවා.
ආහාර වර්ග, ඒවායේ සුවඳ පිළිබඳ අපුලක් ගැබිනි මවකට ඇති වීම සාමාන්‍යයි. වෙනදා කන්න කොයි තරමක් ආස කෑමක් වුණත් මේ කාලයේදී දකින්නවත් ප්‍රිය නොවිය හැකියි. තමාට අපුලක් ඇති වූයේ නම් ඒ ආහාර කිසිම විටෙක ලබා නොගැනීමට වග බලාගන්න.
බොහොමයක් ගැබිනි මව්වරුන්ට මේ කාලයේදී ඔක්කාරය / වමනය ඇති වෙනවා. ඉතා අඩු පිරිසකට තමයි මේ තත්ත්වය ඇති නොවන්නේ. උදෑසන, දහවල, රාත්‍රිය කියා වෙනසකින් තොරව ගැබිනි මවකට ඔක්කාරය ඇති විය හැකියි. ඒ වගේම තමයි බොහෝ දෙනෙක්ට පළමු ත්‍රෛමාසිකය අවසානයත් සමගම මේ තත්ත්වය මගහැරුණත් ගැබිනි සමය පුරාම මේ අත්දැකීම ලබන මව්වරුනුත් සිටිය හැකියි.
සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා වකුගඩුවල රුධිරය පෙරීම සම්බන්ධව යම් බලපෑමක් ඇති වීමත් එසේම පුංචි පැටියා ටිකෙන් ටික වර්ධනය වෙද්දී මුත්‍රාශය මත යෙදෙන තෙරපුම වැඩි වෙන නිසාත් නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.
ගැබිනි මවකගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිම්බුණු මෙන්ම තද ස්වරූපයක් ඇති පියයුරු, ඇල්ලූ විට වේදනාකාරී ය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා දැන් තවත් ටිකක් ලොකු වෙලා ඇති කියලා අම්මට හිතුණට මේ සතිය වෙද්දී එයා ලොකු වෙලා තියෙන්නේ පරිප්පු ඇටයක් තරමට ලු.
අම්මා වගේම තාත්තත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා නේද? ඇයි තාමත් මගේ පුංචි පැටියා ඉන්න කුස වැඩිලා නැත්තේ කියලා පුංචි දුකකුත් අම්මාගේ හිතේ කොනට ඇවිත්. ඒකට නම් තව සති කීපයක් බලා ඉන්න වෙනවා.
පුංචි පැටියා හැදෙන්නේ මෙව්වර හෙමින් ද කියලා අම්මටයි තාත්තාටයි හිතුණට කුස ඇතුලේ එයාගේ වර්ධනය බොහොම වේගවත්.
සති හයක් වෙන කලලය C අකුරේ හැඩයයි. දිග මිලිමීටර් 5ක් පමණ වෙනවා. පරිප්පු ඇටයක් තරමේ මේ පුංචි කළලයට පෝෂණය වගේම ඔක්සිජන් අරන් එන්න වැදැමහ වගේම පෙකෙණියත් දැන් සැකසෙමින් තියෙනවා.
මුහුණේ කම්මුල්, හකු සැකසෙමින් තියෙනවා. ඇස්, නාස් කුහර ඇතිවෙන තැන් කලු පැහැ ලප විදියට දැකගන්න පුළුවන්. ඒ වගේම පෙනහලු, වකුගඩු අක්මාව කියන ඉන්ද්‍රියනුත් සැකසීම ආරම්භ වෙලා. අත් පා යාන්තමට පිටතට නෙරලා.
මේ වෙද්දී අස්ථි පද්ධතියේ මොළයේ මාංශ පේශීන් සැකසෙමින් පවතිනවා. කළලයේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට 90 - 160ක් පමණ වාර ගණනක් ලෙස තමයි ගණන් බැලෙන්නේ. ඒ කියන්නේ අම්මාගේ හෘද ස්පන්දන වේගය වගේ දෙගුණයක්.
මින් පෙර සතිවල විස්තර කළ ආකාරයටම මේ සතිය තුළත් ගැබිනි මවට පහත දක්වා ඇති අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.
ආහාර වර්ග, ඒවායේ සුවඳ පිළිබඳ අපුලක් ගැබිනි මවකට ඇති වීම සාමාන්‍යයි. වෙනදා කන්න කොයිතරමක් ආස කෑමක් වුණත් මේ කාලයේදී දකින්නවත් ප්‍රිය නොවිය හැකියි.
බොහොමයක් ගැබිනි මව්වරුන්ට උදෑසන, දහවල, රාත්‍රිය කියා වෙනසකින් තොරව වමනය/ඔක්කාරය ඇති විය හැකියි. ඒ වගේම තමයි බොහෝ දෙනෙක්ට පළමු ත්‍රෛමාසිකය අවසානයත් සමගට මේ තත්ත්වය මගහැරුණත් මුලු ගැබිනි සමය පුරාම මේ අත්දැකීම ලබන මව්වරුනුත් සිටිය හැකියි.
සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා වකුගඩුවල රුධිරය පෙරීම සම්බන්ධව යම් බලපෑමක් ඇති වීමත් එසේම පුංචි පැටියා ටිකෙන් ටික වර්ධනය වෙද්දී මුත්‍රාශය මත යෙදෙන තෙරපුම වැඩි වෙන නිසාත් නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.
ගැබිනි මවකගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිම්බුණු මෙන්ම තද ස්වරූපයක් ඇති පියයුරු, ඇල්ලූ විට වේදනාකාරී ය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මා නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ පැටියා ලොකු වෙනකන් නේද? ඔන්න අම්මාගේ නොඉවසිල්ල පැටියටත් දැනිලා වෙන්න ඕනේ මේ සතිය වෙද්දි එයා හිටියට වඩා දෙගුණයකින් ලොකු වෙලා ලු. දැන් මේ පුංචි පැටියා මුං ඇටයක් තරමට ලොකු වෙලා වගෙයි.
සත්වන සතිය තුළ ප්‍රමාණයෙන් දෙගුණයක් වන කලලයේ පුංචි පැටියාගේ දිග තට්ටමේ සිට හිස දක්වා බැලුවොත් මිලිමීටර් 10 වගෙයි. දැන් කලලයේ මුඛය සැකසෙනවා. ඒ වගේම දන්ත අංකුරත් සකස් වෙන්න පටන් අරගෙන.
ඇස් වගේම නාසයත් යම්තාක් දුරකට සැකසිලා. උරහිස්, දෙඅත් වගේම දෙපාත් වර්ධනය වෙනවා විතරක් නෙවෙයි අත්පාවල පුංචි පුංචි ඇඟිලි සැකසෙනවා. ඒ වගේම අනෙකුත් ඉන්ද්‍රියයනුත් වර්ධනය වෙමින් පවතිනවා.
ඉතා ඉක්මනින්ම රුධිර සෛල නිපදවීමට අවශ්‍ය නිසාම කළලයේ ඇට මිදුලු සංවර්ධනය වීම මේ සතිය ඇතුළත සම්පූර්ණ වෙනවා.
මේ සතිය වන විටත් ඔබට මුහුණ දීමට සිදු වන්නේ පෙර ලිපිවල සඳහන් කළ අපහසුතාවයන්ටම ය. ඉදිරි සතිවලදී මේ තත්ත්වයන් ක්‍රමයෙන් පහව යා හැකි අතරම ඒ වන විට වෙනත් අපහසුතාවලට ඔබට මුහුණ දීමට සිදු විය හැකිය.
ආහාර වර්ග, ඒවායේ සුවඳ පිළිබඳ අපුලක් ගැබිනි මවකට ඇති වීම සාමාන්‍යයි. වෙනදා කන්න කොයිතරමක් ආස කෑමක් වුණත් මේ කාලයේදී දකින්නවත් ප්‍රිය නොවිය හැකියි.
බොහොමයක් ගැබිනි මව්වරුන්ට මේ කාලයේදී ඔක්කාරය / වමනය ඇති වෙනවා. උදෑසන, දහවල, රාත්‍රිය කියා වෙනසකින් තොරව ගැබිනි මවකට ඔක්කාරය ඇති විය හැකියි. ඒ වගේම තමයි බොහෝ දෙනෙක්ට පළමු ත්‍රෛමාසිකය අවසානයත් සමගට මේ තත්ත්වය මගහරුණු මව්වරුන් වගේම ගැබිනි සමය පුරාම මේ අත්දැකීම ලබන මව්වරුනුත් සිටිය හැකියි.
සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා වකුගඩුවල රුධිරය පෙරීම සම්බන්ධව යම් බලපෑමක් ඇති වීමත් එසේම පුංචි පැටියා ටිකෙන් ටික වර්ධනය වෙද්දී මුත්‍රාශය මත යෙදෙන තෙරපුම වැඩි වෙන නිසාත් නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. මෙය ගැබිනි සමයේ අවසානය තෙක්ම පැවතිය හැකියි.
ගැබිනි මවකගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිම්බුණු මෙන්ම තද ස්වරූපයක් ඇති පියයුරු, ඇල්ලූ විට වේදනාකාරී ය.
මේ තත්ත්වයද ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවුව ද, සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි. නමුත් සායනයේ වෛද්‍යවරයා හමුවන මුල් දිනයේදීම ශාරීරික අපහසුතා, රෝග තත්ත්ව ඇත්නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
තවමත් අම්මාගේ ඇඟට අපහසුතා දැනෙනවා ඇති. තාත්තාගේ සහයෝගය වගේම පුංචි පැටියා ගැන දකින හීන එක්ක ඒ අපහසුතා අමතකව යනවත් ඇති නේද? කොහොම වුණත් මොනවම හෝ කාර්යයක යෙදෙනවා නම් අපහසුතා මැද වුවත් කාලය ගෙවා ගන්න අපහසු වෙන එකක් නැහැ. රැකියාවකට යනවා නම් කාර්යාලයේ යහළු යෙහෙළියන්ගේ සහයෝගය ඔබට අනිවාර්යෙන්ම ලැබේවි.
කලළයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය වගේම ඔක්සිජන් සපයන පෙකණි වැල හොඳින් දිස් වෙන අතරම මේ කාලය තුළ ඉතා වේගවත්ව පුංචි පැටියාගේ වර්ධනය සිදුවෙනවා. මානව පෙනුම කළලයට ලැබී තිබෙනවා. මේ වන විට කළලයේ හිසේ සිට තට්ටම දක්වා උස මිලිමීටර 16ක වගේ ප්‍රමාණයක් වනවා.
දැන් උරහිස්, වැලමිටි, දණහිස් වැඩෙනවා. අත් පා ඇඟිලි දිගින් වැඩි වෙනවා. කළලයේ සියුම් චලන ඇති වුණත් අම්මට දැනෙන්නේ නම් නැහැ. මොළයේ ක්‍රියාකාරීත්වය දැන් ඇරඹිලා.
හදවතේ කුටීර වෙන් වීම ඇරඹිලා. හද ගැස්ම මිනිත්තුවට වාර 150 ක පමණ වේගයකින් සිදුවෙනවා. සැකසෙමින් පවතින ඇසි පියවලින් වැසුණු ඇස් දැකගත හැකි අතරම නාසයට පහළින් උඩු තොල සැකසීම, දිව මත රස නහර සැකසීම, විදුරු මසට යටින් දත් සෑදීම ගැබිනි සමයේ අටවන සතියෙන් ආරම්භ වෙනවා.
පෙර සතිවලදී දැක්වූ උදෑසන වමනය, වැඩිපුර මුත්‍රා පිටවීම, සුව නින්දක් නොලැබීම වැනි අපහසුතා මේ වන විට යම්තාක් දුරට මගහැරී ඇති අතරම ඇතැම් මව්වරුන් පෙර තත්ත්වයටම තවමත් මුහුණ දෙනවා විය හැකියි. මේ වන විට වෙනත් අපහසුතා අම්මාට දැනෙනවා විය හැකියි.
දැන් ටිකෙන් ටික ඔබේ ගර්භාෂය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය ඉඟ පෙදෙස පළල් වූ සෙයක් ලෙස (විශේෂයෙන්ම පළමු ගැබ් ගැනීමට මුහුණ දෙන මව්වරුන්ට) ඔබට දැනෙනවා. මේ හේතුවෙන් ඉඟ දෙපසින් සියුම් වේදනාවක් ඇති වෙනවා.
ප්‍රසූතියෙන් පසුව පුංචි පැටියා පෝෂණය කිරීම වෙනුවෙන් පියයුරු සකස් වීම සිදු වන අතරම මේ වන විට අඟල් දෙකක පමණ ප්‍රමාණයකින් පියයුරු ඉදිරියට නෙරා ඒම සිදු විය හැකියි. තන පුඩුවල සියුම් වේදනාවක් (පුපුරු ගසන ගතියක්) ඇති වේ. ඇරියෝලාව තද කලු පැහැයක් ගැනීමද දැකිය හැකිය.
පළමු දරු පිළිසිඳ ගැනීමේදී විශේෂයෙන් මේ තත්ත්වය ඇති විය හැකි වුවත් එය බොහොම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් අධික වේදනාව සමගින් රුධිර වහනයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් වන මෙය ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වීමත් සමගම කොඳු ඇට පෙළ පහළ කොටසට ඇති වෙන තෙරපුම නිසා ඇති වේ. මේ කාලය තුළදී නිසි බර මට්ටම පවත්වා ගැනීමත් මෙවැනි අපහසුතා අවම කරගැනීමට හේතු වේ.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
නෙල්ලි ගෙඩියක් අතට අරන් බලන්න, පුංචි පැටියා තාමත් කොයිතරම් පුංචිද කියලා. ඇත්තටම එයා තවමත් ගොඩක්ම පුංචියි. මේ ලෝකෙට ආවට පස්සේ මේ ජීවිතේට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට එයා හොඳට සංවර්ධනය වෙන්න ඕනෙනේ. ඉතිං අම්මාට ඉවසිල්ලක් නෑ කියලා බෑ. එයාට තව ගොඩක් දේවල් තියෙනවා හදාගන්න.
මේ වන විට කළලයේ මූලික සංවර්ධනයන් බොහෝ දුරට සිදු වී අවසන්. දැන් ඔන්න නෙල්ලි ගෙඩියක තරමට වැඩුණු කලලයේ හිසේ සිට තට්ටම දක්වා උස මිලිමීටර 23 පමණ වෙනවා. කළලයේ හෝමෝන නිපදවීමේ කාර්යය වෙනුවෙන් වැදෑමහ සම්පූර්ණයෙන්ම වර්ධනය වී අවසන්.
කළලයේ ඇස් සම්පූර්ණයෙන්ම සකස් වෙලා. ඒවා ඇලී ඇති ඇසිපියවලින් ආවරණය වෙලා හිස තුළම පිහිටනවා. කන්, මුඛය, නාසය සහ නාස් පුඩු පැහැදිලිව පෙනෙනවා. කුටීරවලට බෙදුණු හදවතේ කපාට සැකසීම දැන් ඇරඹිලා.
කළලයේ වර්ධනයත් සමග ගර්භාෂය ප්‍රසාරණය වී මුත්‍රාශය තෙරපීම නිසා මේ තත්ත්වය ඇති වේ.
මානසික ආතතිය, විඩාව, කුසගින්න, විජලනය ඇතුළු තවත් තත්ත්ව නිසා ගැබිනි මවට හිසරදය ඇති විය හැකියි. එසේම පළමු ත්‍රෛමාසිකයේදී හිසරදය ඇති වීමට තවත් හේතුවක් ලෙස සිරුරේ හෝමෝන වෙනස්කම් දැක්විය හැකියි.
ඖෂධ අත්‍යවශ්‍ය නොමැති අතර හැකි නම් ඔබේ පහසුව සලසාගෙන මගහරවා ගැනීමට උත්සාහ කරන්න. ඔබට දරාගත නොහැකි තත්ත්වයක් තෙක් වර්ධනය වන්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.
මේ වන විට ඔබේ බර කිලෝ එකකින් එකහමාරකින් පමණ වැඩි වී තිබිය හැක. නමුත් මේ තත්ත්වය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. මේ වන විට ඔබේ සිරුරේ පිරිපුන් ස්වභාවයක් දැකිය හැකිය.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමග කුස ඉදිරියට නෙරා එන නිසා සම ඇදීමකට ලක් වන අතරම ඒ හේතුවෙන් සම මත කැසීමක් ඇති වේ.
ගැබිනි සමයේ මුහුණ දීමට සිදු විය හැකි තවත් එක් සාමාන්‍ය තත්ත්වයක් පමණි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.
(ගැබිනි මවට කිසිසේත්ම අහිතකර නොවන ඖෂධ වර්ග ඇත)
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
ගැබිනි සමය කියන්නේ කාන්තාවක විසින් ජීවිතයේ ලබන බොහොම වටිනා කාල සීමාවක්. ආදරය, සැලකිල්ල, ගෞරවය, සතුට වගේ හැම සුබ දෙයක්ම එක්ක තමයි ගැබිනි මවක් දිහා වටපිටාව බලන්නේ. පුංචි පැටියාගේ අම්මා වෙන්න ඉන්න ඔයාට ඒ දේවල් නිසාත් හිතට සතුටුයි. එහෙම නේද?
මේ ඔබේ ගැබිනි සමයේ දහවන සතියේ ආරම්භය යි. දැන් ඔබේ පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා මිලිමීටර 30 පමණ වනවා. මේ වන විට බොහොමයක් දුරට කළලය වර්ධනය වී හමාරයි. මින් ඉදිරියට කළලයේ පටක සහ අවයව වර්ධනය සිදු වේ.
හිස කොටස කළලයේ සම්පූර්ණ දිගින් හරි අඩක් පමණ වේ. මුහුණේ හැඩහුරුකම් මේ වන විට හඳුනා ගත හැකියි. අත්පාවල ඇඟිලි මේ වන විට සම්පූර්ණයෙන් ක්රියාශීලීයි. අත්පා නැවීමට හැකියි. දෙපා සිරුර ඉදිරියට ගත හැකි පරිදි දිගු වී ඇත. අත්වල මැණික් කටුව ප්‍රදේශය හිසේ තැවරෙන තරම් දිගුය.
හිසකෙස් වර්ධනය වේ. මේ වන විටත් කළලයේ ඇස් විවෘත වී නොමැත. ස්නායු පද්ධතිය සහ ආහාර ජීරණ පද්ධතිය සංවර්ධනය වෙමින් පවතී. හිස, මොළයේ වර්ධනය සදහා අවශ්‍ය ඉඩ පහසුකම් සපයමින් සිටී. කශේරුකාව හෙවත් කොඳුනාරටිය මේ වන විට විනිවිද පෙනෙන සම හරහා දැකගත හැකිය. හදවත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි.
අස්ථි සහ කාටිලේජ මේ වන විට සකස් වෙමින් පවතී. අතෙහි මැණික් කටුව, පාදයේ වළලු කර, දණහිස් සංවර්ධනය වීම සිදු වේ. ඔබට ලැබෙන්නේ ගැහැණු දරුවෙකු නම් කළලයේ ඩිම්බ කෝෂ සැකසීම මේ වන විට ඇරඹෙන අතරම පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ කෝෂ මගින් පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ආරම්භ කරයි.
මුල් සති කිහිපයේ පෙන්නුම් කළ අපහසුතා බහුතරයක් මව්වරුන්ට මේ වන විට මගහැරී ඇති අතරම ඇතැම් මව්වරුන්ට මේ වන විටත් මුල් සති කිහිපයේ පැවති අපහසුතා ඒ ආකාරයෙන්ම වුවද තිබිය හැකිය.
එසේ වුවද ඔබ ගැබිනියක බව පිටතට පෙනෙන තරමට උදරය නෙරාවිත් නොමැත.
හෘදවාහිනි සහ ස්නායු පද්ධතියේ ඇති වන වෙනස්කම් නිසා මෙවැනි තත්ත්ව ඇති විය හැකියි. කැරකැවිල්ල තත්ත්වයට යම් සහනයක් ලබාගැනීම සඳහා හෘදයට රුධිර ගමනාගමනය වැඩි කිරීමට හිස වම් පසට ඇලකර සිටින්න.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් වුවද ආහාර රටාව සහ ආහාර වර්ග වෙනස් කිරීමෙන් මගහැර ගැනීමට උත්සාහ කළ යුතුය. පෙර ලිපියකදී මේ තත්ත්වය අවම කරගැනීමට දුන් උපදෙස් පිළිබඳව සැලකිලිමත් වන්න.
ගර්භණී හෝමෝන අධිකව ශ්‍රාවය වීමෙන් මවගේ සිරුර තුළ නිපදවෙන තෙල් ප්‍රමාණය අධික නිසා මෙවැනි තත්ත්ව ඇති විය හැකිය.
මවගේ සිරුරේ රුධිර ප්‍රමාණය දෙගුණ වීම නිසා ඇසේ සුදු ඉඟිරියාව ඝනකම් වී වක්‍ර වීම හේතුවෙන් ඇති වන මෙය සුලබ තත්ත්වයක් නොවේ. අවශ්‍ය නම් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවන්න.
තවද ගැබිනි සමයේ සිරුරේ ඇති වන හෝමෝන වෙනස්කම් හේතුවෙන් මුත්‍රා මග රැඳීම සිදුවන නිසාත් ජලය පානය අවම වීම නිසාත් ගැබිනි මවට මුත්‍රා ආසාධන ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළයි. ගැබිනි කාන්තාවන් 6%කට පමණ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළද මුත්‍රා ආසාදන පැවතිය හැකි බැවින් මුත්‍රා පරීක්ෂණයට යොමු වීම වැදගත් වේ.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මා දන්නේ නැති වුණාට පුංචි පැටියා දැන් දැන් ටිකක් දඟ වැඩ කරනවලු. ඒ කියන්නේ එයා අම්මාගේ කුස ඇතුලේ බොහොම ක්‍රියාශීලීව කාලය ගත කරනවා. තව ටික දවසකින් එයාගේ දඟ වැඩ අම්මට දැනෙන්න පටන් ගනීවි. ඒ වගේම තමයි ඔන්න අම්මලා තාත්තලා ආච්චිලා නැන්දලා හැමෝම කියන දේවල් දැන් අපේ පුංචි පැටියට ඇහෙනවා.
ස්ට්‍රෝබෙරි ගෙඩියක තරමට දිගින් මිලිමීටර් 45ක් පමණ වර්ධනය වූ කළලයේ හද ගැස්ම මේ වන විට විනාඩියට 120 සිට 160 දක්වා වාර ගණනක්. මුහුණේ හැඩරුව ඉස්මතු වෙලා වගේම කන් පෙතිවලටත් නියම හැඩය මේ වෙද්දී ලැබී අවසන්. සිරුර පුරාම රෝම කූප ඇතිවෙන්න පටන් අරගෙන. සංවේදන හැකියාවත් යම්තාක් දුරකට පවතිනවා.
ලපටි සම ඝනකම් ස්වභාවයට පත් වෙමින් පවතින මේ කාලේ පුංචි පැටියට ඉක්කා වැටෙන්නත් පටන්ගන්නවා. ඒ මුකුත් නිසා නෙවෙයි, මහා ප්‍රාචීර පේශිය සැකසෙන්නේ මේ කාලයේ නිසයි. ඒ වගේම පෙකෙනි වැලේ එක් ශිරාවකින් දරුවාට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් රැගෙන එනවා. ධමනි දෙකක් හරහා රුධිරය ආපසු ගෙනයනවා. මේ කාර්යයත් සුවිශේෂී කාර්යයක්.
හිස කොටස කළලයේ සම්පූර්ණ දිගින් හරි අඩක් පමණ වේ. මුහුණේ හැඩහුරුකම් මේ වන විට හඳුනා ගත හැකියි. අත්පාවල ඇඟිලි මේ වන විට සම්පූර්ණයෙන් ක්රියාශීලීයි. අත්පා නැවීමට හැකියි. දෙපා සිරුර ඉදිරියට ගත හැකි පරිදි දිගු වී ඇත. අත්වල මැණික් කටුව ප්‍රදේශය හිසේ තැවරෙන තරම් දිගුය.
හිසකෙස් වර්ධනය වේ. මේ වන විටත් කළලයේ ඇස් විවෘත වී නොමැත. ස්නායු පද්ධතිය සහ ආහාර ජීරණ පද්ධතිය සංවර්ධනය වෙමින් පවතී. හිස, මොළයේ වර්ධනය සදහා අවශ්‍ය ඉඩ පහසුකම් සපයමින් සිටී. කශේරුකාව හෙවත් කොඳුනාරටිය මේ වන විට විනිවිද පෙනෙන සම හරහා දැකගත හැකිය. හදවත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි.
අස්ථි සහ කාටිලේජ මේ වන විට සකස් වෙමින් පවතී. අතෙහි මැණික් කටුව, පාදයේ වළලු කර, දණහිස් සංවර්ධනය වීම සිදු වේ. ඔබට ලැබෙන්නේ ගැහැණු දරුවෙකු නම් කළලයේ ඩිම්බ කෝෂ සැකසීම මේ වන විට ඇරඹෙන අතරම පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ කෝෂ මගින් පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ආරම්භ කරයි.
ගැබිනි සමයේ බහුතරයක් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයකි. සමබල/පෝෂණීය ආහාර රටාවක් මෙන්ම ආහාර වේලට තන්තු සහිත ආහාර වර්ග වැඩිපුර එක්කර ගැනීමත් ක්‍රමවත් ව්‍යායාම රටාවකට හුරුවීමත් මේ තත්ත්වය වළක්වා ගැනීමට සහය වේ.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. මේ කාලය තුළ ඇති අපහසුතා නිසා ඇතැම් විට ඔබට මෙය නොදැනීමට ඉඩ ඇත. කෙසේ වුවද ඇතැම් මව්වරුන්ගේ හිසකේ දිසිලෙන ස්වභාවයක් ගන්නා අතරම ඇතැම් විට හිසකේ හැසිරවීම පවා අපහසු විය හැකියි. ප්‍රසූතියෙන් පසුව මේ තත්ත්වය මගහැරී යයි.
ගැබිනි සමයේදී සිරුරේ සිදුවන හෝමෝන වෙනස්වීමත් සමග මෙය ඇතැම් මව්වරුන්ට සාමාන්‍ය තත්ත්වයක් විය හැකි අතර ගැබ් ගැනීමට පෙර සිටම ඔබට මිග්රේන් තත්ත්වය තිබුණා නම් එය වැඩිපුර ඉස්මතු විය හැකිය.
සාමාන්‍යයෙන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයකින් බර වැඩි වීමක් දක්නට ලැබුණත් මෙය එක් එක් කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වන තත්ත්වයකි. ඔබේ බර සම්බන්ධ ගැටලුවක් ඇත්නම් වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධව ඔබ සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරනු ඇති.
වෛද්‍යවරයා හමු වී දත් පරීක්ෂා කරවා ගන්න. පහත උපදෙස් පිළිපදින්න
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා එක්ක ගැබිනි සමයේ පළමු කාර්තුව අපහසුතා වගේම කියන්න බැරි තරමේ ලොකු සතුටකුත් එක්කම අවසන් කරන්නයි අම්මා මේ හදන්නේ. පුංචි පැටියාගේ තාත්තා කිව්වා නේ ද අම්මාගේ අමුතු දිස්නයක් ඇවිත් කියලා. ඇත්තටම දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙක් කොයිතරම් ලස්සන ද කියලා දකින කාටත් හිතෙනවා. ඒ සඳහා ඇඟේ සිදුවෙන හෝමෝන වෙනසත් හිතේ සතුටත් බලපානවා.
මේ වන විට නිසි මානව ස්වරූපය සමගින් වර්ධනය වන ඔබේ කිරිකැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස මිලිමීටර 54ක් පමණ වෙනවා. කිරි උරා බීමට හැකි වන ආකාරයට මේ වෙද්දී මුඛය සැකසීම ආරම්භ වෙලා. දෙඇස් තද කරගන්නවා වගේම සිව්පසටම ගමන් කරවනවා. කන් පෙති නියමිත ස්ථානයේ පිහිටලා.
ඔන්න දැන් පුංචි පැටියාගේ අතේ ඇඟිලි නවන්න දිග අරින්න පුළුවන්. පාදයේ ඇඟිලි ගුලිකර ගන්නවා. මේ වෙද්දී වර්ධනය වී ඇති බඩවැල් උදර කුහරයට ගමන් කරන්න පටන් අරගෙන. ස්නායු සෛල වේගයෙන් බෙදෙනවා. වකුගඩු මගින් මුත්‍රා පෙරීම ඇරඹෙනවා.
ගැබිනි සමයේ මුල් සති කිහිපයේ ඇතිව තිබූ අපහසුතා බොහොමයක් මේ වන විට මග හැරී ඇත. මේ වන විට සිරුරේ සිදු වූ හෝමෝන වෙනසට ඔබ හුරු වීමත් සමග දැනෙන අපහසුතා මගහැරී තිබිය හැකියි. නමුත් ඇතැම් මව්වරුන් මේ වන විටත් ඒ අපහසුතාවන්ට මුහුණ දෙනවා විය හැකියි.
ගැබිනි සමයේදීත් බර අඩු වැඩි වීම එක් එක් කාන්තාවගෙන් කාන්තාවට අනුව වෙනස් විය හැකි අතරම ඔබේ බර සම්බන්ධ ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරනු ඇති.
පුංචි පැටියාගේ වර්ධනයත් සමග ගර්භාෂය ප්‍රසාරණය වන අතරම ඒ මගින් මුත්‍රාශය වෙත ඇතිවන තෙරපුම මේ තත්ත්වයට හේතු වේ.
මේ වන විට ගැබිනි මවගේ බර කිලෝ කිහිපයකින් ඉහළ ගොස් ඇති අතරම (ඉහළ යන බර ප්‍රමාණය එක් එක් කාන්තාවගෙන් කාන්තාවකට වෙනස් වේ) මවගේ සිරුර පිරුණු ස්වභාවයක් ගනී.
ගැබිනි සමයේ සිරුරේ ඇති වන හෝමෝන වෙනස් වීම නිසා සමේ දීප්තිමත් බව මෙන්ම සංවේදී බව වැඩි විය හැකිය.
ගර්භාෂය ප්‍රසාරණය වන නිසා කුස මතුපිට සම ඇදීමකට ලක් වන අතරම ඒ හේතුවෙන් කුස මතුපිට සම මත කැසීමක් ඇතිවිය හැකිය.
සම ඇදීමකට ලක් වන නිසා උදරයේ, පියයුරුවල සහ කලවා පෙදෙසේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වේ.
කුඩා ආහාර ප්‍රමාණ විටින් විට ලබාගන්න. එක්වර කුස පුරවා ගැනීමෙන් වළකින්න. පෙර ලිපිවල සඳහන් කළ ආකාරයට ගැස්ට්‍රයිටීස් ඇති වීමට බලපෑ හැකි තත්ත්වයන්ගෙන් ඈත් වන්න. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් වෙත යොමුවන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා අම්මාගේ කුසට ආ සතුට දැන් නම් අම්මාගේ හිතවතුන් සමග බෙදාගත්තාට වරදක් නැහැ. පළමු කාර්තුවේදී ඔබ ගැබිනියක් බව වැඩි පිරිසකට නොපවසන ලෙස වෛද්‍යවරු පවසන්නේ ගබ්සාවක් ඇති වීමට ඒ කාලය තුළ යම් අවදානමක් පවතින නිසාත් එසේ සිදුවුවහොත් අම්මාට හැම කෙනෙක්ටම ඒ බව පැහැදිලි කිරීමට සිදු වීම මානසික පීඩනයක් වන නිසාත් තමයි.
ඔන්න ඉතිං අපි හිතුවට ඇඟිලි කටේ දාන්නේ බඩ ගින්නට කියලා ඒ පුරුද්ද මේ පුංචි පැටව් පටන් ගන්නේ අම්මාගේ කුසේ ඉන්න කාලේමයි. මේ වෙද්දී පුංචි පැටියා ඒ වැඩෙත් පටන් අරගෙන. හෙමින් හෙමින් අම්මාගේ බණ්ඩියත් පොඩ්ඩක් අල්ලලා බලනවා. ඒත් අම්මාට තාම මේ දේවල් දැනෙන්නේ නම් නැහැ.
හොඳින් සැකසුණු සැකිල්ල සහිත පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස මිලිමීටර් 70ක් පමණ වෙනවා. හිස, සිරුර වගේ හතර ගුණයක් විතර. පුංචි පැටියා දැන් එයා වටේ තියෙන තරලය (උල්බ තරලය) පුංචි කට ඇරලා බොන්නත් මුත්‍රා පිට කරන්නත් පටන් අරගෙන. දරු පැටියාගේ අග්න්‍යාෂය ඒ වගේම පිත්තාශය මේ වෙද්දී සකස් වී අවසන්.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමග ගැබිනි මවගේ කුස ඉදිරියට නෙරා ආවත් මේ වන විටත් පිටතින් දකින අයෙකුට ඔබ ගැබ් ගෙන ඇති බව වටහා ගැනීම අපහසු වේ.
පුංචි පැටියා මෙලොවට බිහි වූ පසු අවශ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන් සපිරි කොලස්ට්රම් නිපදවීම මේ වන විට ඇරඹී ඇත.
• ඇරියෝලාව තද කලු පැහැයක් ගෙන ඇතිවා සේම ඇතැම් කාන්තාවන්ගේ ඇරියෝලාව වටා කුඩා ගැටිති ඇති වේ. ගැබිනි සමයේ ඉතාම සාමාන්‍ය තත්ත්වයකි.
ගැබිනි සමයේ ඉතාම සාමාන්‍ය තත්ත්වයකි.
සම්පූර්ණ හුස්මක් ගැනීම මේ වන විට ඔබට අපහසු වුවත් මෙය ද ගැබිනි සමයේ 60% - 70% ක් අතර කාන්තාවන් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයක් වන නිසා බිය විය යුතු නොවේ. ඇතැම් විට කෙටි හුස්ම ගැනීම ඔබට අපහසු විය හැකි අතර එය ද බිය විය යුතු තත්ත්වයක් නොවේ. අවශ්‍ය නම් වෛද්‍යවරයා සමග පවසා සැක හැරගන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
දැන් නම් අම්මාගේ උකුල් පෙදෙස වගේම උදරයත් ටිකක් වෙනස් වෙලා නිසා පහසු ඇඳුම් කිහිපයක් ගත්තොත් දැනෙන අපහසුතාවයන්ට හොඳ විසඳුමක් වේවි නේද? නිවාඩු පාඩුවේ අම්මයි තාත්තයි පුංචි පැටියා එක්ක ෂොපින් යන්න. ඇඟට හිර නැති පහසු ඇඳුම් කීපයක් ගන්න. පුංචි පැටියත් අම්මාගේ බණ්ඩියේ ඉඳලා මේ හැමදේම අහගෙන ඉන්නේ කියලත් අමතක කරන්න එපා.
දැන් මේ පුංචි පැටියට එයාගේ හැඟීම් මුහුණෙන් පෙන්නුම් කරන්න හැකියවා ඇති වෙලා. මොකද මේ වෙද්දී මුහුණේ මාංශ පේෂි ඒ අවශ්‍ය ආකාරයට සැකසිලා නිසයි. ඒ විතරක් නෙවෙයි හිස ඉහළ පහළ ගෙනියන්නත් පුළුවන්. මොළයේ සෛල දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. දැන් වැඩුණු පුංචි ඇඟිලිවලින් යම් යම් දේ අල්ලා ගන්නත් මේ පැටියාට හැකියාව තියෙනවා.
සීග්‍රයෙන් අම්මාගේ කුසේ වැඩෙන මේ පුංචි පැටියාගේ බර ග්‍රෑම් 43ක් පමණ වෙනවා. ඒ වගේම තට්ටමේ සිට හිස දක්වා උස මිලිමීටර් 87ක් විතර. මෙතැන් පටන් දිගින් දිගටම කළලය වර්ධනය වෙනවා.
50%ක් ගැබිනි කාන්තාවන් මේ කාලය වන විට කොන්දේ වේදනාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. පෙර ගැබිනි සමයේ දී කොන්දේ වේදනාව වැළදුණු මව්වරුන්, ක්‍රියාශීලී බවින් තොර මව්වරුන්, බහුභ්රෑණතා ඇති මව්වරුන් මෙන්ම ස්ථූලතාවයෙන් පෙලෙන මව්වරුන් මේ තත්ත්වයට මුහුණ දෙන අය අතර දැකිය හැකිය.
ගැබ් ගැනීමට පෙර සිටම ගැස්ට්‍රයිටීස් පැවති මව්වරුන්ට පෙර ලිපිවල දැනුවත් කළ පරිදි මේ තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කළ හැකියි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පතන්න.
සෑම කාන්තාවකටම නොවුණත් ඇතැම් ගැබිනි මව්වරුන්ට මේ තත්ත්වය ඇති විය හැකියි. අවශ්‍ය නම් වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.
කලාතුරකින් ඇති වන තත්ත්වයක් වන අතරම ප්‍රසූතිය සඳහා සිරුර සූදානම් වන විට අවශ්‍ය ඉඩ ලබාදීමට අස්ථි ඈත් වන අතරම වඩා වැඩි ප්‍රමාණයක් ඈත් වූ විට අස්ථි එක මත එක ගැටී වේදනාවක් හටගනී. ප්‍රසූතියෙන් පසු මගහැරී යන තත්ත්වයකි. කලාතුරකින් හෝ දැකිය හැක්කේ උදාසීනව කාලය ගත කරන එනම් ව්‍යායාමවලින් ඈත් වූ ගැබිනි කාන්තාවන්ටයි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් කරා යොමුවන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා දැන් නම් හපනෙක් වෙලා වගෙයි. ඔබට නොදැනුනාට එයා බණ්ඩිය ඇතුළේ බොහෝ දඟ කරනවා. අම්මාට මේ දේවල් දැනෙන්නේ තවත් සති කිහිපයකින්.
අලෝකය හඳුනා ගැනීමට මෙන්ම ශ්‍රවණ හැකියාව මනා ලෙස වර්ධනය වී ඇති මේ පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස මිලිමීටර 101ක් පමණ වේ. ඉතා මුදු විනිවිද පෙනෙන සුලු සමක් මේ වන විට දක්නට ලැබේ. අත් පා චලනය කරයි.
දැන් කළලයේ තිබිය යුතු ජල ප්‍රමාණය සමබරව පවත්වා ගැනීමත් අපවිත්‍ර දේ ඉවත් කිරීමත් වැදෑමහ මගින් සිදු කරනවා. ගැබිනි සමයේ කළලයේ දිග මැනීම විශේෂයෙන් සිදු නොවන අතර සිදුකෙරෙන්නේ හිසේ වට ප්‍රමාණය, උදරය වටා පරිදිය මෙන්ම කලල අස්ථියේ දිග අනුව වර්ධනය මැන බැලීමයි.
නමුත් ඔබ සාමාන්‍යයෙන් කෙට්ටු කාන්තාවක් නම් ගැබිනියක් බව පිටතින් හඳුනා ගත නොහැකි විය හැකියි. නිවුන් දරුවන් පිළිසිඳි මවක් නම් උදරය හොඳින් පිටතට දිස්විය හැකියි. එක් එක් මවගේ සිරුරේ ස්වභාවය අනුව මේ තත්ත්වය තීරණය වන අතරම ඒ පිළිබඳ කනස්සලු වීම අවශ්‍ය නැත.
ගැබ් ගැනීමට පෙර සිටම ගැස්ට්‍රයිටීස් පැවති මව්වරුන්ට පෙර ලිපිවල දැනුවත් කළ පරිදි මේ තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කළ හැකියි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පතන්න.
පෙර ලිපිවල උපදෙස් පිළිපදින්න. ක්රමානුකූල ආහාර රටාවකට හුරුවෙන්න. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
උදරය වර්ධනය වීමත් සමගම පහසු ඉරියව්වක් නැති වීම/වරින් වර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම/දහවලේ වැඩි වේලාවක් නිදාගැනීම/කෙණ්ඩා පෙරලීම වැනි හේතු මත 70% ක් පමණ මව්වරුන්ට තම සුව නින්ද අහිමි විය හැකිය.
ක්‍රමයෙන් ඇති වන බර වැඩිවීම හා ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස්වීමත් සමග දුර්වල වූ උදර පේශී ඇදීමකට ලක්වීම නිසා කොන්දේ වේදනාව ඇති වේ.
හෝමෝන වෙනස් වීම් සමගින් බහුතරයක් ගැබිනි මව්වරුන්ට පොදු අත්දැකීමක් වන අතරම සැමවිටම ඔබේ මනස නිරවුල්ව තබාගත හැකි ක්‍රියාකාරකම්වල නියැලෙන්න.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම මුත්‍රාශය වෙත ඇති වන තෙරපුම මෙයට හේතුවයි.
සිරුරේ පොජෙස්ටරෝන් හෝමෝනය ඉහළ යාමත් සමග ගැබිනි මවගේ ආමාශයත් අන්නසෝත්රයත් අතර ඇති කපාටය ලිහිල් වීම හේතුවෙන් ආම්ලික ස්වභාවය ඉහළට පැමිණීම මේ තත්ත්වයයි. ගැබිනි මව්වරුන් 50%ක ප්‍රමාණයක් මේ තත්ත්වයට මුහුණ දෙයි.
ගැබිනි සමයේ හෝමෝන නිෂ්පාදනය වැඩි නිසා ශ්ලේෂ්මල පටල ඉදිමීම මෙයට හේතුව වන අතරම එයද සාමාන්‍ය තත්ත්වයකි.
සෑම සතියකම යම් බර වැඩි වීමක් සිදුවිය යුතු වුවත් එහි අගය මවකගෙන් මවකට වෙනස් විය හැකිය. ඔබේ බර සම්බන්ධ ගැටලුවක් ඇත්නම් වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇති.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
දකින දකින හැමෝම අම්මාගේ හැඩ රුව ගැන අදහස් දක්වනවා නේද? සමේ දීප්තිමත් බව තමයි ඒකට හේතුව. සිරුරේ සිදුවුණු හෝමෝන වෙනස නිසා මේ කාලය වෙද්දී අම්මාගේ සම බොහොම පැහැපත් වෙලා දිස්නෙ දෙනවා වගෙයි. මේකට තමයි pregnancy glow කියන්නේ. ඇත්තටම කිව්වොත් පුංචි පැටියෙක් කුස දරාගෙන ඉන්න අම්මා කෙනෙක් කියන්නේ බොහොම සුන්දර දසුනක්.
දැන් ඔන්න පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා දිග දළ වශයෙන් මිලිමීටර් 116ක්. අභ්‍යන්තරවත් බාහිරවත් සිරුරේ බොහෝ වෙනස්කම් මේ සතියේ සිට ඉදිරියට සිදු වෙනවා. ඇසි පිය සහ ඇහි බැම සැකසීමත් එහි තවත් එක් වර්ධනයක් ලෙස දැක්විය හැකියි. ඉදිරි සති කිහිපය ඇතුළත පුංචි පැටියා දිගින් මෙන්ම බරින් ද දෙගුණයක් බවට පත්වෙනවා.
ගැබිනි සමයේ විශේෂයෙන් සිදුකෙරෙන්නේ හිසේ වට ප්‍රමාණය, උදරය වටා පරිදිය මෙන්ම කළල අස්ථියේ දිග අනුව වර්ධනය මැන බැලීමයි.
මෙය අනිවාර්ය අගයක් නොවන අතරම ඇතැම් මවක් මීට වඩා වැඩි ද තවත් මවක් මීට වඩා අඩු ද බර මට්ටමක පවතිනවා විය හැකියි. ඔබේ බරේ යම් ගැටලුවක් පවතිනවා නම් අනිවාර්යෙන්ම ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ඔබට ලබාදෙනු ඇත.
සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් මෙයට හේතු වේ.
නියපොතු ඉතා සීග්‍රයෙන් වර්ධන වුවත් එම නියපොතු කැඩෙන සුලුය. ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස මෙයට හේතුවයි. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතරම ප්‍රසූතියෙන් පසු මේ තත්ත්වය මග හැරී යයි.
ගැබිනි මවගේ මෙන්ම කළලයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට ගැබිනි සිරුර තුළ සාමාන්‍ය තත්ත්වයේදීට වඩා 50%කින් වැඩි ප්‍රමණයක් රුධිරය නිපදවේ.
ගැබිනි මව්වරුන් සියයක් ගත් විට 30කට පමණ මේ තත්ත්වයට ඇති විය හැක.
ගැබිනි මවගේ සිරුරේ වැඩි රුධිර ප්‍රවාහයක් පවතින නිසා ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය වැඩි වීම මෙයට හේතුවයි. මෙය ගන්ධයකින් හෝ වර්ණයකින් යුතු ශ්රාවයක් නොවේ. කිරි පැහැති ශ්රාවයක් සමග කැසීමක් හෝ වර්ණයක් සහිත දුර්ගන්ද ශ්‍රාවය නම් හෝ වෛද්‍ය උපදෙස් වෙත යොමුවන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
තාත්තා වැඩ ඇරිලා ගෙදරට දුවගෙන එන්නේ පුංචි පැටියා එක්ක කතා කරන්න බලාගෙන. වෙලාවකට දැන් දැන් අම්මාව අමතක වෙලාවත් ද කියලත් හිතෙනවා ඇති. බණ්ඩිය ඇතුලේ හැංගිලා පුංචි පැටියා කරන නරක වැඩ ගැන තාත්තාට පොඩි කේලමක් කියන්න. මොකද එයා ඇඟිලි උරනවනේ.
දැන් අපේ පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර් 13ක් පමණ. දහහත් වන සතිය තුළ සිටින මේ පුංචි පැටියාගේ සිරුර දැන් මේදය නිපදවීමට පටන් අරගෙන. ඒ වගේම කන් පෙති නියමිත ස්ථානයට ස්ථානගත වෙලා අවසන්. සැකිල්ල මෙතෙක් කල් පැවතුණේ මෘදු කාටිලේජ ලෙස වුණත් දැන් ඒවා අස්ථි බවට පත්වෙලා අවසන්.
වැදෑමහ දහස් ගණනින් රතු රුධිරාණු නිපදවනවා. දහදිය නිපදවන ග්‍රන්ථී සැකසෙනවා. කළලයේ සිදුවන මේ සීග්‍ර වර්ධනයට මව ලබා ගන්නා ආහාරපානවල පෝෂණ ගුණය සහ යහ පැවැත්ම බොහෝසෙයින් වැදගත් වෙන නිසාම ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට වගේම යහපත් ජීවන රටාවකට හුරුවීම නම් අත්‍යවශ්‍යයි.
සිරුරේ ගුරුත්වකේන්ද්‍රය වෙනස් වීම මෙයට හේතුවයි. ගැබිනි සමයේ තවත් සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ප්‍රසාරණය වන ගර්භාෂය මගින් උදරය ආසාන්න අවයව වෙත ඇති කරන පීඩනය නිසාත් ගැබිනි සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසාත් ඇති වන තත්ත්වයකි. ප්‍රසූතියෙන් පසු මගහැරී යයි.
ගැබිනි මවගේ සිරුරේ වැඩි රුධිර ප්‍රවාහයක් පවතින නිසා ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය වැඩි වීම මෙයට හේතුවයි. මෙය ගන්ධයකින් හෝ වර්ණයකින් යුතු ශ්රාවයක් නොවේ. කිරි පැහැති ශ්රාවයක් සමග කැසීමක් හෝ වර්ණයක් සහිත දුර්ගන්ධ ශ්රාවයක් නම් වෛද්‍ය උපදෙස් වෙත යොමුවන්න.
සිරුරේ පොජෙස්ටරෝන් හෝමෝනය ඉහළ යාමත් සමග ගැබිනි මවගේ ආමාශයත් අන්නසෝත්රයත් අතර ඇති කපාටය ලිහිල් වීම හේතුවෙන් ආම්ලික ස්වභාවය ඉහළට පැමිණීම මේ තත්ත්වයයි. ගැබිනි මව්වරුන් 50%ක ප්‍රමාණයක් මේ තත්ත්වයට මුහුණ දෙයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
දවසින් දවස පුංචි පැටියා ගැන හීන දකින අම්මා කෙනෙක් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ කුස ඇතුළේ පුංචි පැටියාගේ දඟ වැඩක් දැනෙන මොහොත එනකන්. මේ අම්මාගේ පළමු ගැබ් ගැනීම නම් තව ටික දවසක් ඒ වෙනුවෙන් ඉවසන්න වෙනවා.
දැන් පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස මිලිමීටර් 142 පමණ වෙනවා. පැටියගේ පුංචි බණ්ඩියේ බඩවැල්වල මෙකෝනියම් (කලු පැහැති මල) එකතු වෙන්නත් පටන් අරගෙන. බොහොම ක්‍රියාශීලීව අම්මාගේ කුස තුළ දවස ගත කරන මේ පුංචි පැටියා දුවෙක් නම් මේ වන විට ඇගේ ගර්භාෂය සහ පැලෝපීය නාල සැකසිලා වගේම නියමිත ස්ථානවලට පැමිණ අවසන්.
පුතෙකුගේ නම් පුරස්ථී ග්‍රන්ථී සැකසෙනවා. ලිංගික අවයවත් යම්තාක් දුරට සැකසිලා. කොහොම වුණත් තාම දුවෙක් ද පුතෙක් ද ඔබට ලැබෙන්නේ කියලා කියන්න නම් ටිකක් අපහසුයි.
මේ ඔබේ දෙවන හෝ තෙවන ගැබ් ගැනීම නම් ඇතැම් විට පුංචි පැටියාගේ චලන ඔබට මේ වන විටත් දැනෙනවා විය හැකියි. පළමු ගැබ් ගැනීම නම් තවමත් චලන දැනීමක් නැත. කෙසේ වුවද දරුවාගේ චලන දැනීම මවකගෙන් මවකට ද වෙනස් විය හැකිය. නමුත් සති 22 සම්පූර්ණ වූ පසුත් දරුවාගේ චලන නොදැනේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
අධිකව කුසගිනි ඇති විම බොහොම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම එක්වර කුස පිරෙන තෙක් ආහාර ලබා නොගෙන ඉතා කුඩා ප්‍රමාණවලින් විටින් විට ආහාර ලබාගැනීමටත් ඒ ලබාගන්නා සෑම ආහාරයක්ම පෝෂණීය ආහාරයක් වීමටත් ඔබ වගබලා ගත යුතුය.
ගැබිනි සමයේ ඉතා සාමාන්‍ය තත්ත්වයකි. දෛනික ජීවිතයට බාධාවක් වන නිසා අවශ්‍ය දේ සටහන් කරගැනීමට පුරුදු විය හැකියි. මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසුව මඟහැරී යයි.
ගැබිනි මවගේ සිරුරේ නිපදවෙන රුධිර ප්‍රමාණය වැඩි වීම/ ගැබිනි සමයේ රුධිර පීඩනය අවම වීම නිසා විය හැකියි. වතුර පානය නිසි පරිදි නොකිරීම/කුසගින්නේ සිටීමෙන් රුධිරගත සීනි මට්ටම පහත වැටීම නිසා ද මේ තත්ත්වය ඇති විය හැකියි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පතන්න.
මෙය දිගින් දිගටම සිදුවන අතර කාන්තාවගෙන් කාන්තාවට මෙය වෙනස් විය හැකිය. කෙසේ වුවද නිසි බර පවත්වා ගැනීම වඩාත් සුදුසුය.
බහුතරයක් කාන්තාවන්ට (30% - 35% අතර) යෝනි ප්‍රදේශය ආශ්‍රිතව දිලීර ආසාදන තත්ත්වයක් (Candidacies) ඇති විය හැකි අතර එහිදී සුදු පැහැති ඝණකම් ශ්රාවයක් පිටවීම මෙන්ම කසන සුලු ස්වභාවයක් ඇති විය හැකියි. යම් කාන්තාවකට එය අපහසුතාවයක් නම් ඖෂධ ලබාගත යුතු අතරම මේ තත්ත්වය කළලයට කිසිදු හානියක් ඇති නොකරයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
හැම අම්මෙක් තාත්තෙක්ම බලාගෙන ඉන්නේ නිරෝගී පුංචි පැටියෙක් ලැබෙනකන්. සායනයට ගියාම තමයි තාත්තා දැන ගත්තේ පුංචි පැටියාගේ වර්ධනයට අවශ්‍ය කැල්සියම් වගේ දේවල් අම්මාගේ සිරුරෙන් උරාගන්න බව. අම්මා දුර්වල වෙයි කියලා දැන් තාත්තට බයයි. විටමින් නොබී ඉන්න, කෑම නොකා ඉන්න දැන් නම් අම්මාට පුළුවන් කමක් නැහැ. බලන්න තාත්තා කොයිතරම් ආදරේද කියලා.
කළලයේ සීග්‍ර වර්ධනයක් දිගින් දිගටම සිදුවෙනවා. අන්න ඒකයි මව පෝෂණීය ආහාර පාන ලබා ගැනීම වැදගත් වෙන්නේ. දැන් පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස දළ වශයෙන් මිලිටිමීටර් 15.3 කට ආසන්නයිලු.
පුංචි පැටියාට දැන් සුවඳ, රසය, පෙනීම වගේම ස්පර්ශය වැනි සංවේදනයන් දැනීමේ හැකියාවත් තියෙනවා. පුංචි පැටියාගේ සමේ ආරක්ෂාව වෙනුවෙන් vernix caseosa ඉටි ආවරණය සම මත දැක ගන්න පුළුවන්.
මේ සතිය වන විට ඔබේ ගර්භාෂය පිහිටන්නේ පෙකණියට යටින්. උදරය දිනෙන් දින විශාල වීම නිසා සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වී සිරුරේ සමබර බව යම්තාක් දුරට වෙනස් වී ඇත. ඒ නිසාම එදිනෙදා කටයුතුවලදී සැලකිලිමත් වීම වැදගත්.
හැමවිටම පැතලි පතුල් සහිත පාවහන් භාවිතය, අධික බර එසවීමෙන් වැළකීම, දිගු වේලාවක් සිටගෙන නොසිටීම, නිදාගැනීමේදී දෙපා අතරට කොට්ටයක් තබාගැනීම, කොන්ද සම්බාහනය කිරීම වැනි දේ මගින් මේ තත්ත්වය යම්තාක් දුරට හෝ අවම කරගත හැකිය. එසේම සැමවිටම නිවැරදි ඉරියව්ම යොදාගැනීමට සැලකිලිමත් වෙන්න.
වෛද්‍ය උපදෙස් ලබාගනිමින් ප්‍රසූතිය පහසු කරවීමට සුදුසු ආකාරයේ ව්‍යායාමවල නිරත වීම මගින් ගැබිනි සමයේදී ඇති වන අපහසුතා බොහොමයක් අවම කරගැනීමට මෙන්ම ප්‍රසූතිය සඳහා සිරුර සකසා ගැනීමට හැකියාව ලැබේ.
මේ තත්ත්වය ඇතැම් මව්වරුන්ට මේ වන විට නැති වුවත් ඇතැම් මව්වරුන්ට තෙවන ත්‍රෛමාසිකය තුළත් ඇති විය හැකිය.
පෙර ලිපිවල සඳහන් කළ පරිදිම වෛද්‍ය උපදෙස් මත නේසල් ඩ්‍රොප් එකක් පාවිච්චි කිරීමෙන් අපහසුතාවය අවම කරගත හැකිය.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. පාදය හොඳින් දිගහැර ඇඟිලි දණහිස දෙසට නැවීමෙන් වේදනාව අවම කරගත හැකිය.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මා පුංචි පැටියත් කුසේ දරාගෙන ගැබිනි සමයෙන් හරි අඩක්ම ගෙවා අවසන්. මේ ආ ගමන් මග වගේම තව දුරක් යන්න තියෙනවා කියලා හිතද්දී පුංචි පැටියා දකින්න තවත් ලොකු කාලයක් තියෙනවා නේද කියලා අම්මටයි තාත්තටයි හිතුණත් මේ වගේම ඒ කාලයත් සුන්දර බලාපොරොත්තු ගොන්නක් එක්කම ගෙවිලා යාවි.
උරා බීමට හොඳ හැකියාවක් මේ වන විට ඔබේ පුංචි පැටියා සතුයි. තවද ජීරණය කිරීමට සිරුර හොඳින් හුරුකරගන්නවා. දැන් පුංචි පැටියාගේ මලපහ නිපදවීම ඇරඹිලා. ඒ වගේම ඒවා බඩවැල් තුළ තැන්පත් කරගන්නවා.
පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස දළ වශයෙන් මිලිමීටර් 164 ක් විතර ඇති. දිනෙන් දින මේ පුංචි පැටියා හුරු වෙන්නේ අම්මාගේ කුසෙන් පිටතට පැමිණි පසු බාහිර පරිසරයේ ජීවත් විමට අවශ්‍ය හැකියාව වර්ධනය කරගැනීමටයි.
ඔබ ගැබිනියක බව බාහිරින් දකින අයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකියි. නමුත් ඔබේ උදරය සති ගණනේ තරමට වැඩී නැති හෝ ඊට වඩා වැඩි පෙනුමක් ඇති බවක් යමෙකු පැවසුවොත් හෝ ඔබට හැඟුනොත් කණස්සලු වීම නුසුදුසුය. මේ හා සම්බන්ධ යම් ගැටලුවක් වේ නම් සුදුසුකම් ඇති අයෙකුගෙන් මිස වෙනත් අයගේ අදහස් නොවිමසන්න.
දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයේ සිටම ඔබ මුහුණ දුන් මේ තත්ත්ව ඇතැම්විට මේ වන විට මගහැරී ඇති. නැතිනම් තවමක් ඒ ලෙසම පවතිනවා විය හැකියි. කෙසේ වුවද ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයන් නිසා බියට පත් විය යුතු නැත. ප්‍රසූතියෙන් පසු මග හැරී යයි. විවේකීව කාලය ගත කොට තත්ත්වය අවම කරගන්න.
නිතර නිතර මුත්‍රා පිටකිරීමට සිදු වීම/කෙණ්ඩා පෙරලීම වැනි තත්ත්ව ඔබේ සුව නින්දට බාධා ඇති කරයි. එසේම නිවසේ සිටින මව්වරුන් දිවා කාලයේ වැඩි වේලාවක් නිදාගැනීමට හුරුවීමත් මෙයට හේතුවිය හැකිය.
ගැබිනි සමයේ හෝමෝන වෙනස්කම් සමගින් මෙලනින් වර්ණකය නිපදවීම වැඩි වීම නිසා මේ තත්ත්වය ඇතිවේ. ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
මුහුණ, නාසය ආශ්‍රිතවත් කම්මුල දෙපස, නලල, නිකට මෙන්ම උඩු තොල ආශ්‍රිතවත් කලු පැහැ ලප ඇති වීම මේ කාලයේදී දැකිය හැකිය. ගැබිනි සමයේ හෝමෝන වෙනස්කම් සමගින් මෙලනින් වර්ණකය නිපදවීම වැඩි වීම ද මෙයට හේතු වේ.
ගැබිනි සමයේ දෙවන ත්‍රෛමාසිකයේ මැද භාගයේදී ඇතැම් මව්වරුන්ට ඇති වන මේ තත්ත්වය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. උදරය හැකිලීමත් සමග වේදනාවක් හටගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
දෙවන ත්‍රෛමාසිකයේ සිට දරුවාගේ වර්ධනය තීරණය කරන්නේ යූනික අස්ථීයේ සිට ගර්භාෂයේ ඉහළ කොටසට ඇති දුර මැනීමෙනි. සාමාන්‍යයෙන් එය සෙන්ටිමීටර් 20ක් අතර ප්‍රමාණයක් වේ. නමුත් අද වන විට ස්කෑන් පරීකෂණය හරහා දරුවාගේ වර්ධනය මැන බැලෙන අතර එම ක්‍රමය ඉතා සාර්ථකයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා අම්මාගේ කුස ඇතුළේ දඟ කරනවා. මේ කාන්තාවකට තමන්ගේ ජීවිතයේ අත්දකින්න ලැබෙන හරිම සුන්දර අත්දැකීමක්. කුස පිටතින් පිරිමදිද්දී අතට දැනෙනවා පුංචි පැටියාගේ මේ හපන්කම්. ඉතිං තාත්තත් බොහොම ආදරෙන් අම්මාගේ කුසට අත තියාගෙන පුංචි පැටියා එක්ක කතා කරනවා. තාත්තගේ කටහඬටත් එයා ප්‍රතිචාර දක්වනවා නේ ද?
ඔන්න වෙනදා වගේ ගුලි වෙලා ඉන්නේ නැතිව පුංචි පැටියා අත පය දිග අරින නිසා හිසේ සිට පාදාන්තය දක්වාම උස මැන ගන්න පුළුවන්. දැන් පුංචි පැටියාගේ හිසේ සිට පාදාන්තය දක්වා සම්පූර්ණ උස මිලිමීටර් 265ක් විතර වෙනවා. මේ වන විට ඇහි බැම හා ඇහි පිය දැකගත හැකියි. පුංචි පැටියා ගැහැනු දරුවෙකු නම් මේ වන විට යෝනිය සැකසෙනවා.
සාමාන්‍යයෙන් 20 - 22 අතර කාලය වන විට විට පුංචි පැටියාගේ චලන අම්මාට හොඳින් දැනෙනවා. සමහරවිට මේ චලනයන් තදින් දැනෙන අවස්ථාත් තිබිය හැකියි. අධිබර තත්ත්වය හෝ ගර්භාෂයේ ඉදිරියෙන් වැදෑමහ පිහිටීම වැනි තත්ත්ව මත ඇතැම් විට බිළිඳාගේ චලනයන් දැනීම ප්‍රමාද විය හැකියි. එවැනි තත්ත්වයකදී ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.
ගැබිනි සමයේ ඔබට අත්දකින්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයන් වේ. සම ඇදීමට ලක්වීම නිසාත් හෝමෝන වෙනස් වීම් නිසාත් මේ තත්ත්වයන් ඇති විය හැකිය. ස්ට්‍රෙච් මාර්ක්ස් යම්තාක් දුරට හෝ මැකී යාමට වසර දෙක තුනක් ගත වන අතරම සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ.
නිතර නිතර මුත්‍රා පිටකිරීමට සිදු වීම/කෙණ්ඩා පෙරලීම වැනි තත්ත්ව ඔබේ සුව නින්දට බාධා ඇති කරයි. එසේම නිවසේ සිටින මව්වරුන් දිවා කාලයේ වැඩි වේලාවක් නිදාගැනීමට හුරුවීමත් මෙයට හේතුවිය හැකිය.
ගැබිනි සමයේ හෝමෝන වෙනස්කම් සමගින් මෙලනින් වර්ණකය නිපදවීම වැඩි වීම නිසා මේ තත්ත්වය ඇතිවේ. ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
මේ පිළිබඳව මින් පෙර ලිපි කිහිපයකදීම දැනුවත් කළා. උණුසුම් ජලයෙන් ඇඟ සේදීම හෝ වේදානාකාරී පෙදෙස සිසිල් හෝ උණුසුම් ජලයෙන් තැවීම/ගැබිනි මවට සුදුසු සම්බාහනයක් හෝ යෝගා ව්‍යායාමවල යෙදී මාංශ පේශීවලට අවශ්‍ය ව්‍යායාම ලබාගැනීම යන ක්‍රම මගින් මේ තත්ත්වයට යම් සහනයක් ලබාගත හැකිය.
බර වැඩිවීම කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් විය හැකි නිසා ඔබේ බර සම්බන්ධ ගැටලුවක් ඇත්තේ නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.
සාමාන්‍යයෙන් සති 24 පසුව ඇති වෙන මේ තත්ත්වය නිවුන් දරුවන් පිළිසිඳ සිටින මවකට නම් මේ කාලය වන විට ඇති විය හැකිය. එසේම ප්‍රසූතිය ආසන්න වන විට දෙපා ඉදිමුම වැඩි වන මුත් ප්‍රසූතියෙන් පසු මගහැරී යයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මා දුකෙන් ද සතුටෙන් ද කියලා අම්මාටවත් හිතාගන්න බැරි විදියට සමහර වෙලාවට සිත කනස්සල්ලෙන්. ඒ විතරක් නම් මැදෑ, මේ කරන දේ මේ අමතක වෙනවා. එහෙමයි කියලා හැමදේම ගැන කලකිරිලා කොහොමද, අම්මා ළඟට එන්න ඇඟිලි ගැන ගැන ඉන්න පුංචි පැටියෙක් කුසේ ඉද්දි? එහෙම නම් ලස්සන සින්දුවක් අහලා, පුංචි පැටියට කවියක් කියලා, තාත්තා එක්ක පොඩි රවුමක් ගිහින් හිතේ සතුට ආයෙම ගෙන්න ගන්න.
දැන් ඔන්න පුංචි පැටියට නියාමාකාර සිඟිත්තෙකුගේ පෙනුම ලැබිලා. පුංචි පැටියාගේ චලනයන් අම්මාට හොඳින් දැනෙනවා. ඔබට පුළුවන් ඒ චලන වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාර මෙලොවට බිහි වූ පසුවත් පුංචි පැටියාත් ඔබත් අතරේ හොඳ බැඳීමක් ගොඩනඟා ගන්න බොහෝ සෙයින් ඉවහල් වෙනවා.
දැන් හිසේ සිට පාදාන්තය දක්වා උස මිලිමීටර 278ක් පමණ වෙනවා. තොල්, ඇහි බැම, ඇහි පිය හොඳින් සැකසිලා. ඇස් මනාව සැකසී තිබුණත් කලු ඉංගිරියාවේ වර්ණක තවම සැකසී නැහැ. විදුරු මස් ඇතුළත දන්ත මූලයන් ඇති වීම තවමත් සිදු වෙනවා. සිරුරේ උණුසුම හා රැකවරණය සඳහා අවශ්‍ය සිනිදු රෝම දැක ගත හැකියි. සම මත වූ රැලි ඉවත් වෙමින් පවතිනවා.
විශේෂයෙන්ම උදරය, පියයුරු, කළවා වගේම තට්ටම් ප්‍රදේශය ප්රසාරණයට ලක්වීම මේ කාලය වන විට සාමාන්‍ය තත්ත්වයකි.
සිරුර පුරා ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩි නිසා වගේම හෝමෝන වෙනස් වීම මෙයට හේතුවයි.
තෙල් සහිත සමක් ඇත්නම් කුරුළෑ ඇති වීම දැකිය හැකිය. කුරුළෑ තත්ත්වය අධික නම් සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතන්න. බොහෝවිට ප්‍රසූතියෙන් පසු මගහැරේ.
වෛද්‍ය නිර්දේශය මත මුදු ආලේපනයක් භාවිත කර අපහසුතාවය මගහරවා ගන්න. බොහෝවිට ප්‍රසූතියෙන් පසු මේ තත්ත්වය මගහැරේ.
පෙර ලිපිවලත් සඳහන් කළ පරිදි මෙය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් වන නිසාම බියට පත් විය යුතු නැත. ප්‍රසූතියෙන් පසු මගහැරී යයි.
පෙර ලිපිවල සඳහන් කළ පරිදිම එක් එක් කාන්තාවගෙන් කාන්තාවට මේ තත්ත්වය වෙනස් විය හැකිය.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියාට ඕන කරන බඩු මුට්ටු ලැයිස්තුව අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා හැදුවා නේද? තවත් ඉදිරියට ෂොපින් යන්න අම්මට අපහසු වෙන්න පුළුවන් නිසා පුළුවන් පුළුවන් වෙලාවට ටික ටික පුංචි පැටියාගේ බඩු ටික සූදානම් කරගන්න එක හොඳයි. හාහා පුරා පුංචි පැටියට අන්දවන ගවුම අම්මාගේ අතින්ම මහන්නත් ආසාවක් අම්මට ඇති නේද?
මේ වෙද්දී පුංචි පැටියා සෙන්ටිමීටර් 28.9ක් පමණ උසයි. බොහොම ක්‍රියාශීලීව අම්මාගේ කුස තුළ මේ පුංචි පැටියා කාලය ගත කරනවා. බොහෝ වේගයෙන් දෑත් දෙපා චලනය කරනවා. මේ දේවල් මවට හොඳින් දැනෙනවා. පුංචි පැටියට දැන් වෙනදාටත් වඩා හොඳින් ඇහෙනවා. ඒ වගේම මෙලොවට බිහිවීමෙන් අනතුරුව හුස්ම ගැනීමට අවශ්‍ය වටපිටාවත් මේ වෙද්දී සැකසෙමින් පවතිනවා.
පුංචි පැටියාගේ චලනයන් නිසා මවගේ උදරය ඒ මේ අතට ගමන් කරනවා පමණක් නොව උදරයේ හැඩයත් විටින් විට වෙනස් වෙන අකාරය ඔබට දැකගත හැකියි.
දිනෙන් දින පුංචි පැටියාගේ සිදුවන වර්ධනයත් සමග ගර්භාෂය ප්‍රසාරණය වන නිසා උදරය ඉදිරියට නෙරා එන බව ඔබ දන්නා කරුණකි.
කෙණ්ඩා පෙරලීම, නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය, මානසික ආතතිය වැනි අපහසු තත්ත්ව මෙන්ම දිවා කාලයේ දිගු නින්දක් ලබාගැනීම මෙයට හේතු විය හැකිය.
ගැබිනි සමයේ හෝමෝන වෙනස් වීම නිසා මෙසේ සිදුවන අතරම ප්‍රසූතියෙන් පසුව මේ තත්ත්වය මගහැරී යයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
මේ ඔබේ පළමු දරු ප්‍රසූතිය නම් මව්පදවිය පිළිබඳ දහසකුත් එකක් ගැටලු ඔබේ සිතේ ඇති. මේ ඔබේ දෙවන හෝ තෙවන දරු ප්‍රසූතිය නම් වැඩිමහල් දරුවන් ගැන ඔබේ සිත කරදරෙන් විය හැකියි. අම්මා කියන්නේ ඒකට තමයි. අම්මා කෙනෙක් තමන්ගේ දරු පැටවුන් ගැන හැම මොහොතකම හිතනවා.
ඒත් ඔබේ හිත පීඩාවට පත් වීම ඔබේ කුසේ වැඩෙන පුංචි පැටියට හිරිහැරයක්. ජීවිතේ එන විදියට මුහුණ දෙන්න ඔබ හිත හදාගත යුතුයි. හැම මොහොතේම ධනාත්මකව සතුටින් හැමදේම හිතන්න පුරුදු වෙමු. හොඳ සැලසුමකට අනුව මුහුණ දෙමු.
දැනට නම් ඔබේ පුංචි පැටියාට ඇත්තේ සිහින් සිරුරක්. නමුත් ඉදිරි සති කිහිපයේදී එයට පිරිපුන් බවක් එක් වන අතරම දළ වශයෙන් හිසේ සිට පාදය තෙක් උස සෙන්ටිමීටර් 30ක් පමණ වේ. මේ වන විට ඇතුළු කන ද වර්ධනය වී අවසන්. ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන මොළයේ මතක තබා ගැනීමේ හැකියාව පවත්වා ගැනීමටත් කල්පනාකාරී බව ඇති කිරීමටත් අවශ්‍ය සෛල මේ වන විට වර්ධනය වී අවසන්.
දැන් බිළිඳාට ඇත්තේ විනිවිද පෙනෙන සමක් වුවත් ඉදිරියේදී ඉතා ඉක්මණින් ඒ තත්ත්වය වෙනස් වනු ඇත. මේ වන විටත් වර්ණක සැකසී නොමැති නිසා බිළිඳාගේ හිස කෙස් සුදු පැහැතිය. එක් එක් රෝග තත්ත්වයන්ගෙන් සහ ආසාදනවලින් වැළකීමට අවශ්‍ය සුදු රුධිරාණු නිපද වීම මේ වන විට ආරම්භ වී ඇත.
චලන ඉතා තදින් දැනෙන අතරම කල්පනාකාරීව නිරීක්ෂණය කළහොත් එහි යම් රටාවක් පෙන්නුම් කරන බව දැනේ. බිළිඳාගේ නිදිබර අවස්ථා මෙන්ම ප්‍රබෝධමත් අවස්ථාත් මවට හඳුනා ගත හැකියි.
බහුතරයක් කාන්තාවන්ට ඇති වන මේ තත්ත්වය පිළිබඳව කලබල විය යුතු නැත. ගැබිනි සමයේදී මෙය සාමාන්‍ය තත්ත්වයක් බව පෙර ලිපිවලදීත් අපි සඳහන් කළා. ගැබිනි සමයේ හෝමෝන වෙනස් වීම මත සිරුරේ රුධිර පරිමාව ඉහළ යාම නිසා මේ තත්ත්වය ඇති විය හැකියි. වර්ණයක් මෙන්ම දුගඳක් සහිත නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
කෙණ්ඩා පෙරලීම, මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය වැනි හේතු මත නින්ද අහිමි විය හැකිය.
ගැබිනි සමයේ හෝමෝන නිෂ්පාදනය වැඩි නිසා ශ්ලේෂ්මල පටල ඉදිමීම මෙයට හේතුව වන අතරම අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත නේසල් ඩ්‍රොප් එකක් භාවිත කළ හැකියි.
පෙර ලිපිවල සඳහන් කළ ආකාරයටම මෙය ද ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් වන අතරම ඔබට අවශ්‍ය විට කෙටි නමුත් පෝෂණීය ආහාරයක් විටින් විට ලබාගැනීමේ වරදක් නැත.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම මුත්‍රාශය වෙත ඇති වන තෙරපුම මෙයට හේතුවයි.
මෙය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් විය හැකි අතර එහි නියත අගයක් දැක්විය නොහැක.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
ගැබිනි සමයේ දෙවන කාර්තුවේ අවසානයට ළං වෙමින් ඉන්න අම්මා පුංචි පැටියා එක්ක හරි හරියට කතාව පටන් අරගෙන නේද? කුස ඇතුළේ ඉදන් පුංචි පැටියා අම්මාගේ කඩහඬට ප්‍රතිචාර දක්වනවා. අම්මට ඒ ප්‍රතිචාර දැනෙනවා. ඔය අතරේ බණ්ඩිය ඇතුළට වෙලා ඉන්න ගමනේ ඇඟිලි උරන්නත් මේ පුංචි පැටියා අමතක කරන්නේ නම් නැහැ.
දැන් පුංචි පැටියාගේ හිසේ සිට පාදාන්තය දක්වා උස දළ වශයෙන් මිලිමීටර් 346 පමණ වෙනවා. පුංචි පැටියාගේ සිරුරට පිරිපුන් බවක් එක් වෙලා. හිසකේ දැන් කලු පැහැයට හැරිලා. නාස් පුඩු විවෘතව ඇති අතරම ඒ හරහා උල්බ තරලය (වෝටර් බෑග් එක තුළ ඇති තරලය) ඇතුළට ගැනීමත් පිටකිරීමත් සිදුකරනවා. ඇඟිල්ල ඉරීම මෙන්ම ඈනුම් යැවීමත් පුංචි පැටියාගේ දින චර්යාවේ කොටසක් බවට පත් වෙලා
පසුගිය සති කිහිපයේ ඔබ මුහුණ දුන් කොන්දේ වේදනාව, විඩාබර බව, දෙපා ඉදිමුම ඇතුළු අපහසුතාවලට අමතරව මින් ඉදිරියට පහත දැක්වෙන අපහසුතාවයන් බොහොමයක් ද ගැබිනි මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ලෙස දැක්විය හැකිය.
උදරය විශාල වීම නිසා සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීම මෙයට හේතුවයි.
සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් මේ තත්ත්වයන්ට හේතු වන අතරම ප්‍රසූතියෙන් පසුව මගහැරී යයි.
කුස ඉදිරියට නෙරා ඒමත් සමග ඇති වන අපහසුතාවය හේතුවෙන් දිගු හුස්ම ගැනීමතරමක් අපහසු වේ.
හිසේ කැක්කුම නිසා මේ වන විටත් ඔබට පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. එය අවම කරගැනීමට උණුසුම්/සිසිල් සම්පීඩනයක් භාවිත කරන්න, මානසික ආතති තත්ත්වය පාලනය කරගන්න, හිසේ වේදනාව වැඩි විය හැකි ආහාර පානවලින් වැළකෙන්න, වෛද්‍ය උපදෙස් අනුව වේදනා නාශකයක් ලබාගන්න.
ඇතැම් මව්වරුන්ගේ මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදඟිල්ල යන ස්ථානවලට පමණක් සීමා වන මේ තත්ත්වය තවත් මව්වරුන්ගේ එක් අතකට පමණක් ද ඇතැමුන්ගේ අත් දෙකටම ද වුවද ඇති විය හැකිය. අතේ වේදනාව රාත්‍රී කාලයේදී වැඩි විය හැකි අතරම අත එල්ලා වැටෙන සේ තබාගැනීමෙන් වේදනාව අවම කරගත හැකිවේ.
බර වැඩි වීම හැම කාන්තාවකගේම නියත ප්‍රමාණයකින් සිදු නොවන අතරම කාන්තාවගෙන් කාන්තාවට බර අඩු වැඩි වීම වෙනස් විය හැකිය. එහි ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් වෛද්‍යවරයා විසින් ගත යුතු පියවර ගැන ඔබව දැනුවත් කරනු ඇත.
දිනෙන් දින ගර්භාෂය ප්‍රසාරණය වන නිසාත් කළල සිරුරේ සීග්‍රයෙන් මේදය තැන්පත් වීම නිසාත් කළලයේ හිස මගින් මවගේ ඉල ඇට පෙදෙසට ඇති කරන පීඩනය නිසාත් මේ තත්ත්වය ඇති වේ. ප්‍රසූතියත් සමගම මගහැරී යයි. සැම විටම පහසු නිවැරදි ඉරියව් භාවිත කරන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා දුවෙක් ද පුතෙක් ද කියලා ඩොක්ටර්ගෙන් දැනගත්තා ද? දැනගත්තා නම් එයාට ගැලපෙන පාටකින් ඇඳුම් වගේම බඩු මුට්ටුත් සූදානම් කරගන්න තිබුණා. මොකද ගොඩක් අම්මලා දුවෙක්ට රෝස පාටින් සූදානම් වෙනවා. පුතෙක් නම් නිල් පාටින් සූදානම් වෙනවා. ඒත් සමහර අම්මලා මේ දෙපාර්ශවයටම ගැලපෙන විදියට සුදු, ලා කහ පාට වගේ පාටවලින් සූදානම් වෙනවා. මේවා නම් ඉතිං අම්මා තාත්තා කැමති විදියක්.
මේ වෙද්දී පුංචි පැටියාගේ හිසේ සිට පාදාන්තය දක්වා උස මිලිමීටර 356 ක් විතර වෙනවා. දෑත් එක් කරන්නත් පා ඇඟිලි අල්ලන්නත් දැන් පුංචි පැටියට පුළුවන්.
විසිපස්වන සතියේ මෙන් නාස් කුහර හරහා උල්බ තරලය උරාගැනීමත් පිට කිරීමත් සිදු කරන අතරම එය පෙනහලු සංවර්ධනයට විශාල සහයෝගයක් ලබාදෙන ක්‍රියාවලියක්. එමගින් අශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව යම් පුහුණුවක් මේ පුංචි පැටියට ලැබෙනවා.
ශ්‍රවණ සංවේදීතාවය ඉහළ නිසා කටහඬවල වෙනස ද හඳුනා ගත හැකිය. දෑස් සැකසී අවසන්. වර්ණක සෑදීමක් සිදු නොවූ නිසා මේ වන විටත් කළු ඉංගිරියාව කලු පැහැ නැහැ. ස්නායු පද්ධතිය සංවර්ධනය වෙමින් පවතී. සිරුරේ මේද තැම්පත් වීම මේ වන විටත් සිදුවෙයි.
මීට පෙර ලිපිවල මේ පිළිබඳව දැනුවත් කොට ඇත. ශ්‍රාවයේ වර්ණයක්, දුගඳක් සහිත නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නි.
යම්තාක් දුරකට හෝ මේ තත්ත්වය අවම කරගැනීමට දහවල් කාලයේ වැඩි වේලාවක් සිටගෙන සිටීම, දෙපා කතිර ආකාරයෙන් තබා සිටීමත් නතර කරන්න. ඒ වගේම හදවතේ සිට පාද වෙත රුධිර ගමනාගමනය හොඳින් සිදුවීමට වැම් ඇලයට සිටින්න. නිසි වෛද්‍ය උපදෙස් මත කෙණ්ඩා ප්‍රදේශය ඇදීමට ලක් වෙන පරිදි ව්‍යායාමයක නිරත වෙන්න.
ගැබිනි මව්වරුන් 30% කට පමණ මේ තත්ත්වය ඇති විය හැක. මේ තත්ත්වය ගැබිනි මවකගේ සුව නින්දට බාධා පමුණුවයි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත නේසල් ඩොප් එකක් පාවිච්චි කළ හැකියි.
ප්‍රධාන ආහාර වේල්වලට අමතරව පෝෂණීය කෙටි ආහාර වේල් ලබාගන්න.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම මුත්‍රාශය වෙත ඇති වන තෙරපුම මෙයට හේතුවයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
මේ ඔබේ දෙවන ත්‍රෛමාසිකයේ අවසානයයි. අම්මයි තාත්තයි පුංචි චාරිකාවක් ගියොත් මොකද? සමහර විට මේ ඔය දෙන්නා තනිවම යන අන්තිම චාරිකාව වෙන්න පුළුවන්. මොකද පුංචි පැටියා ආවම එයා දාලා ඔය දෙන්නට විතරක් ගමන් බිමන් යන්න බැහැනේ. කොහොම වුණත් ඔබ යන තැන කලින් තීරණය කරලා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න එක හරිම වැදගත්.
මේ වෙද්දී පුංචි පැටියාගේ හිසේ සිට පාදාන්තය දක්වා උස මිලිමීටර 366ක් පමණ වෙනවා. පුංචි පැටියා කුස තුළ නිදා ගැනීම, අවධි වීම මෙන්ම ඇඟිලි ඉරීමත් ක්‍රමානුකූලව සිදුකරනවා. පෙර සතිවලදී අප සඳහන් කළ පරිදිම ඉක්කාව මේ වන විටත් ඇති වේවි.
පැය තුනකට වරක් උල්බ තරලයෙන් සුළු ප්‍රමාණයක් උරාගනිමින් එය මුත්‍රා ලෙස පිට කිරීම සිදු කරනවා. මොළයේ සීග්‍ර වර්ධනයත් සමග ක්‍රියාකාරීත්වය වැඩි වී ඇත. පෙනහලු මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් සංවර්ධනය වෙමින් පවතී.
පසුගිය ලිපි හරාහා කොන්දේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, කෙණ්ඩා පෙරලීම, දෙපා ඉදිමුම, විටින් විට මුත්‍රා කිරීමට අවශ්‍ය වීම (ප්‍රසූතිය සිදුවන තුරු පවතී), වෙහෙසකාරී බව වැනි තත්ත්ව පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කෙරුණු බව ඔබට මතක ඇති. මේ අතරින් ඇතැම් අපහසුතා ගැබිනි සමය අවසන් වන තෙක්ම පැවතිය හැකි තත්ත්වයන් වේ.
මින් ඉදිරියට ඔබ පහත දක්වා ඇති තත්ත්ව පිළිබඳව සැලකිලිමත් වන්න
දරුවා සිටින තරලය පිරි කුටීරය (වෝටර් බෑග් එක) බිඳී ගිය හොත් තරලය පිටවීමක් සිදුවන අතර (එවැනි අවස්ථාවකදී පෙකෙනි වැල පිටතට පැමිණිය හැකි නිසා) හැකි ඉක්මණින් රෝහල්ගත යුතුය.
වැදමහේ පිහිටීම අනුව රුධිරය පිටවීම වැනි තත්ත්ව ඇති විය හැකිය. වැදෑමහ ගැලවීම (Abruption) මවට මෙන්ම බිළිඳාටද හානිදායකය. මෙවැනි තත්ත්වයකදී වහා රෝහල් ගත වීම අත්‍යවශ්‍යය.
සාමාන්‍යයෙන් එය දිනකට 10 වතාවක් දැනිය යුතු ලෙස වෛද්‍යවරු පැවසූවත් මේ තත්ත්වය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි. ඒ නිසා දරුවාගේ සාමාන්‍ය චලන වාර ගණන සමග ගත් කළ වෙනසක් පෙන්වයි නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම අත්‍යවශ්‍යය.
ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා වැනි තත්ත්ව ගර්භණී මවකට ඇති වීම අවදානම් විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබාන්න.
හෘද වස්තුවේ හටගන්නා රෝග තත්ත්වවලදී මෙසේ විය හැකි නිසා එකවර ස්වසන අපහසුවක් දැනෙන්නේ නම් වෛද්‍ය උපදෙස් පතන්න.
ඔබ අධි රුධිර පීඩනය ඇති ගැබිනි මවක් නම් තද හිසරදය, ඇස් බොඳ වීම, කණාමැදිරි එළියක් සේ දැනීම, වමනය, මුහුණේ ඉදිමීම වැනි ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත ඉක්මනින් යොමු විය යුතුයි. එසේ ඉක්මන් නොවීම ගර්භ වලිප්පුව (Fit) ඇති කරවීමට හේතු විය හැක.
ඔබ දියවැඩියාව ඇති ගැබිනි මවක් නම් රුධිරගත ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීම නිසි උපදෙස් මත සිදුකිරීමත් ඖෂධ ප්‍රතිකාර, ඉන්සියුලින් ප්‍රතිකාර නිවැරදිව ගැනීමත් ඉතා වැදගත් වේ. පරීක්ෂණ වාර්තා ලැබුණු විගස වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය. රුධිර ගත ග්ලූකෝස් මට්ටම ඉහළ ගොස් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත විය යුතුය.
ඇයට සිදු වී ඇති තත්ත්වය අනුව රෝහල් ගත වීම තීරණය කළ යුතුය. තත්ත්වය දරුණු නම් අනිවාර්යෙන්ම රෝහල්ගත විය යුතුය.
ඉහත දැක්වූ අවස්ථාවන්හිදී නිරාහාරව රෝහල් ගතවීම ඉක්මනින් ප්‍රතිකාර ලබාදී තත්ත්වය නිරාකරණය කරගැනීමට ඉතා වැදගත් වේ.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා අම්මාගේ දෝතට එන දවස තවත් ළං වෙනවා. දැන් තෙවන ත්රෛමාසිකයත් ඇරඹුණා. අම්මයි තාත්තයි පුංචි පැටියාගේ බඩු බාහිරාදිය සූදානම් කරගෙන අවසන් ද? ඒවා හොඳින් පිරිසිදු කරන්න ඕනේ. අම්මාට වෙහෙස මහන්සිය වැඩිපුර දැනෙනවා නම් මේ වැඩ කටයුත්ත තාත්තා ගෙදර ඉන්න වෙලාවක පටන් ගන්න. පුංචි පැටියාගේ වගේම අම්මාගේ ඇඳුම් එහෙමත් හොඳින් පිරිසිදු කරලා වේලලා මැදගන්න.
ඔන්න දැන් පුංචි පැටියාගේ බර කිලෝග්‍රෑම් 1ක් පමණ වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටි 37.5ක් පමණ. නින්ද සහ අවධි වීම යම් රටාවකට අනුව සිදුකරන පුංචි පැටියාගේ පෙනහලු වාතය සමග හුස්ම ගැනීමට හැකි ලෙස මේ වන විට සකස් වෙලා.
කුඩා මොළයේ බිලියන ගණනින් නියුරෝන සැකසීම සිදුවෙනවා. පෙනීම බොහෝ දුරට වර්ධනය වෙලා. මේ පුංචි පැටියට දැන් නම් අම්මාගේ උදරය හරහා එන ආලෝකය දැකගන්නත් පුළුවන්. ඒ වගේම ඇහි පිය ගහන්නත් පුළුවන්. පුංචි පැටියාගේ සිරුරේ මේද රැස් කිරීම මේ වන විටත් සිදුවෙනවා. ඇතැම් දරුවන්ගේ දිනකට කිහිපවිටක්ම ඉක්කා ඇතිවීම දැකිය හැකියි.
දැන් දැන් භ්රෑණ චලන පිළිබඳව යම් අවබෝධයක් තබා ගැනීම ඉතා වැදගත් වෙනවා මොකද චලන වාර ගණන පිළිබඳව යම් කුකුසක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යයි.
50%ක් ගැබිනි කාන්තාවන් මේ කාලය වන විට කොන්දේ වේදනාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. පෙර ගැබිනි සමයේ දී කොන්දේ වේදනාව වැළදුණු මව්වරුන්, ක්‍රියාශීලී බවින් තොර මව්වරුන්, බහුභ්රෑණතා ඇති මව්වරුන් මෙන්ම ස්ථූලතාවයෙන් පෙලෙන මව්වරුන් මේ තත්ත්වයට මුහුණ දෙන අය අතර දැකිය හැකිය.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. පාදය හොඳින් දිගහැර ඇඟිලි දණහිස දෙසට නැවීමෙන් වේදනාව අවම කරගත හැකිය.
ගර්භාෂය විශාල වීමත් සමගම මහා ප්‍රාචීරය වෙත ඇති වන පීඩනය වැඩි වීමත් සමගම ඔබට ඇති වන තත්ත්වයකි. එය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම මුත්‍රාශය වෙත ඇති වන තෙරපුම මෙයට හේතුවයි.
උදරය වර්ධනය වීමත් සමගම පහසු ඉරියව්වක් නැති වීම/වරින් වර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම/දහවලේ වැඩි වේලාවක් නිදාගැනීම/කෙණ්ඩා පෙරලීම වැනි හේතු මත 70% ක් පමණ මව්වරුන්ට තම සුව නින්ද අහිමි විය හැකිය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් මේ වෙනස්කම් සිදු වූ බව ඔබ දන්නා කරුණක්.
සාමාන්‍යයෙන් සති 24 පසුව මේ තත්ත්වය ඇති විය හැකිය. එසේම ප්‍රසූතිය ආසන්න වන විට දෙපා ඉදිමුම වැඩි වන මුත් ප්‍රසූතියෙන් පසු මගහැරී යයි.
සෑම සතියකම යම් බර වැඩි වීමක් විය යුතු වුවත් එහි අගය මවකගෙන් මවකට වෙනස් විය හැකිය. ඔබේ බර සම්බන්ධ ගැටලුවක් ඇත්නම් වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇති.
පුංචි පැටියා තුරුලට එනකන් බලන් ඉන්න අම්මා කෙනෙක්ට මේ දේවල් දරා ගන්න එක නම් ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. මොකද පුංචි පැටියෙක් වෙනුවෙන් මේ හැමදෙයක්ම අමතක කරන්න අම්මා කෙනෙක්ට පුළුවන්. සොබාදහමෙන්ම මේ තරම් ශක්තියක් කාන්තාවකට ලබාදීලා තියෙන්නේ අම්මා කෙනෙක් වෙන්න ඒ තරමටම ශක්තියක් වගේම දරාගැනීමේ හැකියාවක් අවශ්‍ය නිසාම වෙන්න ඇති.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා දැන් කාල සටහනකට අනුව නිදා ගන්නත් නැගිටින්නත් දැන් පුරුදු වෙලාලු. දැන් කාල සටහන අම්මට දැනෙන විදියට පුංචි පැටියා රෑ පුරාම ඇහැරිලා දවල් දවසේ නිදා ගන්නවා නම් ඉපදුණාට පස්සෙත් එයා රෑට නැගිටලා ඉන්න පටන් ගත්තොත් තාත්තාට තමයි පැටියා බලාගන්න වෙන්නේ. අම්මා මුළු දවසෙම වෙහෙසිලා පැටියට කිරි දීලා ඒ වගේම ප්‍රසූතිය නිසා ඇති වුණු අපහසුතාත් එක්කනේ මුල් දවස් කිහිපය ගත කරන්නේ.
සිරුරේ වැඩි කොටසක් හොඳින් වර්ධනය වෙලා ඉන්න පුංචි පැටියාගේ බර කිලෝ එකයි ග්‍රෑම් පනහක් පමණ වෙනවා. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 38.6 පමණ. දැන් සිරුරට අනුව හිස ප්‍රමාණයෙන් විශාල වෙනවා. අස්ථී තව තවත් සවිමත් වෙනවා. අක්ෂි කුහරය තුළ ඇස් චලනය වෙනවා.
මෙය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක් වන අතර ඔබේ ආහාර වේලට වැඩි වශයෙන් තන්තු සහිත ආහාර එක් කරගැනීමටත් වැඩිපුර ජලය පානය කිරීමටත් අමතක නොකරන්න.
ගැබිනි කාන්තාවන්ගෙන් සියයට පනහක පමණ පිරිසක් මේ කාලය වන විට කොන්දේ වේදනාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. පෙර ගැබිනි සමයේ දී කොන්දේ වේදනාව වැළදුණු මව්වරුන්, ක්‍රියාශීලී බවින් තොර මෙන්ම ස්ථූලතාවයෙන් පෙලන මව්වරුන් මෙන්ම බහුභ්රෑණතා ඇති මව්වරුන් ද ඒ අතර දැකිය හැකිය.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. පාදය හොඳින් දිගහැර ඇඟිලි දණහිස දෙසට නැවීමෙන් වේදනාව අවම කරගත හැකිය. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ගර්භාෂය විශාල වීමත් සමගම මහා ප්‍රාචීරය වෙත ඇති වන පීඩනය වැඩි වීම නිසා ඔබට ඇති වන තත්ත්වයකි. එය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම මුත්‍රාශය වෙත ඇති වන තෙරපුම මෙයට හේතුවයි.
උදරය වර්ධනය වීමත් සමගම පහසු ඉරියව්වක් නැති වීම/වරින් වර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය/දිවා කාලයේ දිගු නින්දක් ලබාගැනීම, කෙණ්ඩා පෙරලීම යන තත්ත්ව මත ගැබිනි මවගේ සුව නින්ද අහිමි විය හැකිය.
ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වේ.
සති 24න් පසුව ගැබිනි මවකට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවන අතරම ප්‍රසූතිය ආසන්න වන විට දෙපා ඉදිමුම තවත් වැඩි වන නමුත් ප්‍රසූතියෙන් පසු මගහැරී යයි.
ගැබිනි සමයේ හෝමෝන නිෂ්පාදනය වැඩි නිසා ශ්ලේෂ්මල පටල ඉදිමීම මෙයට හේතුව වන අතරම එයද සාමාන්‍ය තත්ත්වයකි.
සෑම සතියකම යම් බර වැඩි වීමක් සිදු විය යුතු වුවත් එහි අගය මවකගෙන් මවකට වෙනස් විය හැකිය. ඔබේ බර සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතී නම් වෛද්‍යවරයා විසින් අවශ්‍ය උපදෙස් ඔබට ලබාදෙනු ඇත.
දැන් ඔබේ පුංචි පැටියා එන්න එන්නම වැඩෙනවා. අම්මාට මේ කාලය බොහොම වෙහෙසයි. අපහසුතා බොහොමයක් එක්ක හැම අම්මා කෙනෙක්ම මේ කැප කිරීම් කරන්නේ පුංචි පැටියෙකුගේ මුහුණ දැකගන්න තියෙන ආසාව නිසාමයි නේද?
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා කුසේ දරාගෙන ඉන්න අම්මාට දැන් දැන් දැනෙන අපහසුතා වැඩියි. මොකද දැන් ඔබ දරු ප්‍රසූතියට ආසන්න වෙමින් තමයි ඉන්නේ. පුංචි පැටියාගේ තාත්තාගේ වගේම පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් අම්මාට උදව් ලැබෙනවා නම් මේ වෙලාවේ බොහොම වටිනවා. මේ අපහසුතා එක්ක ටිකක් විතර නුරුස්සා ගති ඇති වුණත් තාත්තා තේරුම් ගනීවි මේ ඇඟට දැනෙන අපහසුතා නිසා තමයි කියලා.
ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙන පුංචි පැටියාගේ මේ වන විට බර කිලෝ එකයි ග්‍රෑම් තුන්සියයක් පමණ වෙනවා. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 39.9 ක් පමණ. බිළිඳාගේ වර්ධනයත් සමග අවශ්‍ය ඉඩ සැලසීමට උල්බ තරලය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. සමෙහි රැකවරණය සඳහා වූ සියුම් රෝම මුළු සිරුර පුරාම ඇත. සෛල තුළ යකඩ ගබඩා කිරීමත් ඉතා කුඩා සෛල තුළ කැල්සියම්, පොස්පරස් ගබඩා කිරීමත් මේ කාලය තුළ ආරම්භ වේ. පුංචි පැටියාගේ අත්පාවල සමට යටින් මේදය තැන්පත් වීම තවමත් සිදුවෙනවා.
මේ කාලය වන විට සාමාන්‍ය තත්ත්වයක් වන මෙය ප්‍රසූතිය වෙනුවෙන් සිරුර සූදානම් වීම හේතුවෙන් ඇති විය හැකි තත්ත්වයකි.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. පුංචි පැටියාගේ පෝෂණය වෙනුවෙන් මව්කිරි නිෂ්පාදයේ මූලික අවස්ථාවයි. ඒ සම්බන්ධව බිය විය යුතු නැත.
විටින් විට මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම, කෙණ්ඩා පෙරලීම මෙන්ම විශාල උදරය ඇතුළු වෙනත් අපහසුතා නිසාත් සුව නින්ද ඔබට අහිමි වී ඇත. රාත්‍රියේ සම්පූර්ණ නින්දක් ලබා ගත නොහැකි වුවහොත් දිවා කාලයේ හෝ යම් කෙටි වේලාවක් නිදාගැනීමට උත්සාහ කරන්න.
සෑම සතියකම බර වැඩි වන අතරම එහි ප්‍රමාණය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වේ.
ගර්භණී අවධියේ සිදුවන හෝමෝනවල වෙනස්වීම් මත සන්ධි ලිහිල් වීම නිසා මේ තත්ත්වය ඇති වේ. ගැබ් ගැනීමට පෙර තිබූ පාද වල ප්‍රමාණයට වඩා පාද විශාල වේ.
උදරය ප්‍රසාරණය වීමත් සමග මෙසේ සිදුවිය හැකිය.
පුංචි පැටියා එනකන් බලා ඉන්න අම්මාට දැනෙන මේ අපහසුතා එක්ක කාලය ගත කරන්න යම්තාක් දුරට අපහසු නිසා හිතත් ටිකක් විතර නොසන්සුන් ඇති. පුංචි පැටියාටත් දැන හොඳට ඇහෙන නිසා මිහිරි සංගීතයට සවන් දෙන්න අම්මට පුළුවන්. ඒ වගේම පොත්පත්/සඟරා කියවන්නත්, ආගමික වතාවත්වල යෙදෙන්නත් අම්මට පුළුවන්. මේ දේවල් එක්ක සිත වගේම ගතත් සන්සුන් කරගන්න අම්මා උත්සාහ කරන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියා අම්මා ළඟට එන්න තව තියෙන්නේ සති 10කටත් අඩු කාලයක්. අම්මට දන්න තරමින් සාමාන්‍යයෙන් පුංචි පැටියෙක් අම්මාගේ බණ්ඩියේ ඉන්නේ සති 40ක්.
ඒත් එහෙමම කියන්නත් බැහැ, නියමිත කාලයේදී (සති 39 සහ සති 40 දින 6 ක් ඇතුළත) වගේම නියමිත කාලයට කලිනුත් (සති 37 සහ සති 38 දින 6 ක් ඇතුළත) නියමිත කාලයට පසුවත් පුංචි පැටියා එන්න බැරි නැහැ.
ඔන්න දැන් පුංචි පැටියා උසින් සෙන්ටිමීටර 41 පමණ. බර කිලෝ 1කුත් ග්‍රෑම් 500ක් පමණ. හරියටම කිව්වොත් මේ වෙද්දී පුංචි පැටියා කැකිරි ගෙඩියක තරමයි. පැත්තෙන් පැත්තට හිස හරවමින් අම්මාගේ කුස තුළ බොහොම ක්‍රියාශීලීව දවස ගෙවන මේ පුංචි පැටියා ඔබේ නින්දට පවා බාධා කරන්න බැරි නැහැ.
ගර්භාෂය දළ වශයෙන් මැනීම සිදු කළහොත් එය නාභියට ඉහළින් අඟල් 4.5 ක් වෙනවා.
ගර්භණී බවත් සමග කුස ඇදීමකට ලක් වන නිසා නාභිය වඩා ඉස්මතු වී පෙනීම ගැබිනි සමයේ ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි. ප්‍රසූතියෙන් මාස කිහිපයකට පසුව යථා තත්ත්වයට පත් වේ.
පුංචි පැටියා මොලොවට බිහි වූ පසු පෝෂණය කිරීම වෙනුවෙන් පියයුරු සැකසීම සිදුවීම නිසා පියයුරු පෙරට වඩා බර මෙන් පිරුණු බවකින් යුක්තයි. ඇරියෝලාව පෙරට වඩා තද කලු පැහැයක් ගන්නා අතරම පියයුරුවල පලු හෝ ගැටිති දැකිය හැකියි. ගැබිනි සමයේ අවසාන භාගයේ ඇති වන සාමාන්‍ය වෙනස් වීම්ය.
ගර්භාෂය ක්‍රමයෙන් වර්ධනය වී ඉඩ ඇහිරීම නිසා විශාල ප්‍රමාණයන්ගෙන් ආහාර ගැනීම හේතුවෙන් කෑම දිරවීම මදක් පමා වෙනවා පමණක් නොව පපුවේ දැවිල්ල වැනි තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. සෑම අවස්ථාවකදීම කුඩා ආහාර වේල් මෙන්ම ආම්ලික බව අවම ආහාර ලබාගැනීමටත් සැලකිලිමත් වෙන්න.
සිරුරේ හෝමෝනවල ඇති වන වෙනස්වීම්, රුධිර සංසරණයේ වෙනස්වීම් මෙයට හේතු විය හැකි අතරම ප්‍රසූතියෙන් පසු මගහැරී යයි.
අම්මා දැන් බලාගෙන ඉන්නේ කවදද පුංචි පැටියා අම්මාගේ දෝතට එන්නේ කියලා නේද? ඒත් හැම පුංචි පැටියෙක්ම නියමිත දිනයටම මේ ලෝකෙටම එන්නේ නැහැ. එයා ඒ දිනයට කලින් නැත්නම් පස්සේ එන්නත් බැරි නැහැ. අපි බලාගෙන ඉඳිමුකෝ.. පුංචි පැටියා එන දවසට වැඩි දුරක් නැහැනේ.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මාට හරිම වෙහෙසයි නේද? ඒත් පුංචි පැටියා කුසේ ඉන්නකන් මේ තත්ත්වය සාමාන්‍යයි. අම්මාගේ ශරීරයෙන් වැය වන ශක්ති ප්‍රමාණය වෙනුවෙන් අමතර ශක්තිජනක ආහාර ලබාගන්න අමතක කරන්න එපා. විවේකයෙන් කාලය ගත කරන්න. ඒත් වෙහෙසයි කියලා ඇඳට වෙලා දුකෙන් ඉන්නත් එපා. නිතරම පුංචි පැටියා ගැන හිතන්න.
මේ වෙද්දි පුංචි පැටියාගේ බර සාමාන්‍යයෙන් කිලෝ එකයි ග්‍රෑම් හත්සියයක් පමණ වනවා. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 42.4ක් පමණ. ඔබේ ගර්භාෂයේ වැඩි ඉඩක් අරගෙන මේ පුංචි පැටියා තව තවත් වර්ධනය වෙනවා. ඊළඟ සති කිහිපය ඇතුළතදී පුංචි පැටියාගේ බර තවත් වැඩි වෙනවා. දැන් දරුවාගේ නියපොතු, කොණ්ඩය දිග් වීම සිදු වෙනවා. සම ඉතා මුදුයි.
තෙවන ත්‍රෛමාසිකයේ ඇති වන සාමාන්‍ය තත්ත්වයක් නිසා බිය විය යුතු නැත. නමුත් අමතර ශක්තිජනක ආහාර ලබාගත යුතුයි. මද විවේකයක් ගන්න. කෙටි නින්දක් ලබා ගන්න. ශක්තිය රඳවා ගැනීමට උනන්දු වෙන්න.
ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් සහ ශාරීරිකව ඇති වන වෙනස්කම් නිසා ඇති වන මේ තත්ත්වය යම්තාක් දුරට හෝ අවම කරගැනීමට විවේකීව සිටීමත් වේදනාව ඇති වන විට කොන්දට කොට්ටයක්/වෙනත් ආධාරකයක් තබාගැනීමටත් ඔබට හැකියි. සැමවිටම නිවැරදි ඉරියව් යොදාගන්න.
ගර්භාෂය විශාල වීමත් සමග ගැබිනි මව තම ඉරියව් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුත්තේ වැරදි ඉරියව් නිසා මෙවැනි තත්ත්ව ඇති වී තව තවත් පීඩාවට පත්විය හැකි නිසයි.
ගැබිනි මවගේ සිරුරේ සිදු වන හෝමෝන වෙනස්කම් මෙන්ම රුධිරයේ ඇතිවන වෙනස්කම් නිසා ඇති වන මේ තත්ත්වය යම් ලෙසකින් මෙය වේදනාකාරී නම් හෝ ස්වසන අපහසුවක් නම් හෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමග ඇති වන සාමාන්‍ය තත්ත්වයකි. කොතරම් මුත්‍රා පිටවුවත් හොඳින් වතුර පානය කළ යුතුමය. මන්ද විජලනයට පත්වුවහොත් වෙහෙසකාරී බව මෙන්ම වෙනත් අපහසුතාද ඇති විය හැකිය.
ඉහත දැක්වූ අපහසුතා සමග මේ කාලය වන විටත් ගැබිනි මවකට සුව නින්ද අහිමි විය හැකිය. දිවා කාලයේ හෝ කෙටි නින්දක් ලබාගන්නට උනන්දු වන්න.
පුංචි පැටියා මේ ලෝකයට බිහිකරන්නට අම්මාට යම් වෙහෙසක් දරන්නට සිදුවෙන බව අම්මා දන්නවානේ. ඉතිං හොඳ පෝෂණීය ආහාර වේලක් ලබාගන්නත් කෙටි විවේකයක් ලබාගන්නත් අමතක කරන්න එපා. පුංචි පැටියා වෙනුවෙන් කොයි තරම් අපහසුතා මැද වුණත් සතුටින් ඉන්නවා නම් ඒක තමයි වටින්නේ.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මා ළඟට පනින්න පුනා පුනා බලන් ඉන්න මේ පුංචි පැටියා කොයි වෙලාවේ එයාට එන්න ඕනේ කියයි ද කියලා පුංචි බයක් අම්මාගේ හිතෙත් නැතිවාම නොවෙයි නේද? මොන දේ උනත් අම්මා සූදානමින් ඉන්න ඕනේ. ඒ කියන්නේ රෝහලට ගෙනියන බඩු බාහිරාදිය විතරක් නෙවෙයි මානසිකවත් අම්මා සූදානමින් ඉන්න ඕනේ.
දැන් පුංචි පැටියාගේ බර කිලෝ දෙකකට ආසන්නයි. උස සෙන්ටිමීටර් 44 ආසන්නයි. දැන් මේ පුංචි දඟයා එයාට ඕනේ ඕනේ විදියට අම්මාගේ කුස ඇතුළේ ජීවත් වෙනවා. එයාගේ දඟකම්වලට ඕනේ ඉඩ කඩ සොයාගන්නවා. දැන් එයාගේ අස්ථී බොහොම ශක්තිමත් වෙලා. ඉතිං එයාගේ ස්පර්ශයන් අම්මාට බොහොම තදින් දැනෙනවා.
මේ කාලය තුළ අධික වෙහෙස සාමාන්‍ය තත්ත්වයකි. පුංචි පැටියාගේ බර වැඩි වීමත් සමගම ඒ හා සමගම මවගේ ශක්ති ප්‍රමාණය වැය වේ.
උණුසුම් දේශගුණයක ජීවත් වන මවකට ඉතා දැඩි ඉදිමීමක් ඇති විය හැකියි. මෙය ප්‍රසූතියත් සමග පහව යන අතරම හැකි සෑම අවස්ථාවකදීම පාද යම් උසකින් තබාගැනීම මේ තත්ත්වය අවම කරගැනීමට උදව් වේ.
මෙසේ හිරිවැටීමට/වේදනාවට අමතරව අත් හා මැණික් කටුව තුළ සහාය පටක ඉදිමීම ද සිදු විය හැකි අතරම මේ තත්ත්වය අවම කරගැනීමට හැකි සෑම විටම අතට හා මැණික් කටුවට විවේකයක් ලබා දෙන්න.
එන්න එන්නම ගර්භාෂය මගින් මුත්‍රාශය වෙත ඇති කරන පීඩනය මෙයට හේතු වෙයි. ප්‍රසූතිය දක්වාම පවතින තත්ත්වයකි.
පුංචි පැටියා මේ ලෝකයට බිහිකරන්නට අම්මාට යම් වෙහෙසක් දරන්නට සිදුවෙන බව අම්මා දන්නවානේ. ඉතිං හොඳ පෝෂණීය ආහාර වේලක් ලබාගන්නත් කෙටි විවේකයක් ලබාගන්නත් අමතක කරන්න එපා. පුංචි පැටියා වෙනුවෙන් කොයි තරම් අපහසුතා මැද වුණත් සතුටින් ඉන්නවා නම් ඒක තමයි වටින්නේ.
ඔබ මීට පෙර නොමේරූ දරු උපතක්, නිවුන් දරුවන් හෝ ඊට වැඩි සංඛ්‍යාවක දරු උපතක් සිදුකළ මවක් හෝ ගර්භාෂයේ/ගැබ් ගෙලෙහි යම් අසාමාන්‍යතා ඇති අම්මා කෙනෙක් නම් අවශ්‍ය ඕනෙම අවස්ථාවක වෛද්‍යවරයා හමුවෙන්න නම් ප්‍රමාද කරන්න එපා. පුංචිම පුංචි කරුණක් ගැන පවා අපි ඔබව මේ විදියට දැනුවත් කරන්නේ අම්මාට වගේම අම්මාගේ පුංචි පැටියා අපිටත් සම්පතක් නිසාමයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
සමනල තටුවලටත් වඩා සුමුදු සමක් තියෙන මේ පුංචි පැටියා අම්මාගේ අතට ලැබෙන දවස නම් වැඩි ඈතක නැහැ. අම්මා බොහොම සැලකිලිමත්ව සූදානමින් සිටිය යුතුයි. ඒ වගේම අම්මා රැකියාවක නියුතු වෙනවා නම් ප්‍රසූත නිවාඩු ගැනත් සොයා බලන්න ඇති නේද? පුංචි පැටියා ලැබුණට පස්සේ එයා එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න නිවාඩු ඉතිරි කරගන්න නම් අවසාන දවස වෙනතුරුම රැකියාවට යන්න පුලුවනි.
දැන් පුංචි පැටියා කිලෝ දෙකයි ග්‍රෑම් එකසිය පනහක් විතර ඇති. ඒ වගේම උස සෙන්ටිමීටර් 46ක් විතර. පුංචි පැටියාගේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උපතින් පසු ආශ්වාස ප්‍රශ්වාස කළ හැකි ආකාරයට පෙනහලු සකස් වෙලා.
මේ සතිය වන විට පෙර සති මෙන් නොව උදරය එක් එක් ස්ථානවලින් නෙරා එන තරමටම ඉතා තදින් පුංචි පැටියා චලනය වන අතරම ඇතැම් විට ඒ චලන වේදනාකාරී විය හැකිය.
ප්‍රසාරණය වන ගර්භාෂය මගින් මුත්‍රාශය මත ඇති වන පීඩනය අධීක වීම නිසා මේ තත්ත්වය ඇති වන බව පෙර ලිපිවලදීත් පැහැදිලි කළ ආකාරය ඔබට මතක ඇති.
ප්‍රසූතියට පහසු වන පරිදි පුංචි පැටියා හැරීම හේතුවෙන් උකුල් පෙදෙසේ ඇතිවන තෙරපුම නිසා ඇවිදීම ඉතා අපහසු විය හැක.
ගර්භාෂය මත ඇති වන අධික බර, හෝමෝන වෙනස්කම්, මාංශ පේෂීවල වෙනස්වීම් හේතුවෙන් මෙවැනි තත්ත්ව ඇති විය හැකිය.
මීට පෙර ලිපි කිහිපයකදීම මේ පිළිබඳව බොහොමයක් කරුණු සටහන් වූවා. කොන්දේ වේදනාව අවම කරගැනීමට හැමවිටම නිවැරදි ඉරියව් භාවිත කරන්න මතක තබාගන්න.
මේ කාලය තුළ අධික වෙහෙස සාමාන්‍ය තත්ත්වයකි. පුංචි පැටියාගේ බර වැඩි වීමත් සමගම මවගේ ශක්ති ප්‍රමාණය වැය වේ.
පුංචි පැටියා කුසේ තියාගෙන අම්මා මේ ගෙවන්නේ 34 වන සතියනේ. පුංචි පැටියා මේ ලෝකෙට බිහිවෙන්න තව වැඩි කාලයක් නම් නැහැ. සති කිහිපයයි තියෙන්නේ. ඉතිං ටික ටික ප්‍රසූතිය ගැන දැනුවත් වෙන එක හොඳයි. සමහර විට ප්‍රසූතිය ගැන බියට පත්වෙලා ඉන්න නිසා අම්මා ඒ ගැන නිවැරදිව දැනුවත් වෙන එක ඒ බිය ඉවත් කරගන්න ලොකු උදව්වක් වේවි. පුංචි පැටියාට කරදරයක් නැතිව මේ ලෝකෙට ගේන්න අම්මාට ඒ දැනුම ලොකු හයියක් වේවි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මයි තාත්තයි ලහි ලහියේම මේ සූදානම් වෙන්නේ පුංචි පැටියා එක්ක එන්න. දැන් නම් අම්මා එයාට දැනෙන අපහසුතා අමතක කරලා දාලා වගෙයි. පුංචි පැටියාගේ කාමරේත් තාත්තා එක්ක එකතු වෙලා හැඩ වැඩ කරනවා.
පුංචි පැටියාගේ අවයව මේ වෙද්දී සැකසී අවසන්. දැන් එයාගේ උස දැන් සෙන්ටිමීටර් 46 ට වැඩියි. කිලෝ දෙකයි ග්‍රෑම් තුන්සියයකට වඩා වැඩි බරක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අම්මාගේ කුසේ හිතේ හැටියට දඟකම් පානවා. බොහොම තද පහරවල් එල්ල කරන්නේ හරියට දැන් නම් බණ්ඩිය ඇතුලේ ඉන්න බෑ කියන්න වගේ.
ලබු ගෙඩියක් තරම් වුණු පුංචි පැටියාගේ මේ වෙද්දී වකුගඩු සම්පූර්ණයෙන්ම සකස් වෙලා. අනවශ්‍ය දේ ඉවත් කිරීමේ හැකියාවත් තියෙනවා. දැන් පුංචි පැටියට අම්මා ළඟට එන්න තියෙන්නේ සති පහක විතර කාලයක්. ඒ කාලයත් සමහර විට අඩුවෙන්න බැරි නැහැ. කල්පනාවෙන් වගේම සූදානමින් ඉන්න ඕනේ.
මෙතැන් පටන් ඉදිරි සති කිහිපය පුරාත් ගැබිනි මවට මුහුණ දීමට සිදුවන අපහසුතා පෙර පරිදිමයි. පහත දක්වා ඇති සියලු ලක්ෂණ පිළිබඳව මෙතෙක් ඔබ කිය වූ ලිපි හරහා දැනුවත් වන්නට ඇති.
මුත්‍රාශය මත ඇති වන පීඩනය අධික වීම නිසා මේ තත්ත්වය ඇති වන බව පෙර ලිපිවලදීත් පැහැදිලි කළ ආකාරය ඔබට මතක ඇති.
ප්‍රසූතියට පහසු වන පරිදි පුංචි පැටියා හැරීම හේතුවෙන් උකුල් පෙදෙසේ ඇතිවන තෙරපුම නිසා ඇවිදීම ඉතා අපහසු විය හැක.
ප්‍රසූතිය ආසන්න වන විට වේදනාව වැඩි විය හැකි අතරම එය අවම කර ගැනීමටත් නිවැරදි ඉරියව්ම භාවිත කරන්න.
මේ කාලය තුළ අධික වෙහෙස සාමාන්‍ය තත්ත්වයකි. පුංචි පැටියාගේ බර වැඩි වීමත් සමගම මවගේ ශක්ති ප්‍රමාණය වැය වේ.
මේ කාලය වන විට සාමාන්‍ය තත්ත්වයක් වන මෙය ප්‍රසූතිය වෙනුවෙන් සිරුර සූදානම් වීම හේතුවෙන් ඇති විය හැකි තත්ත්වයකි.
මේ වන විට අම්මාගේ ගැබිනි සමයේ එක් අවධියක අවසානය සටහන් වූ බව කිව හැකියි. දැන් පුංචි පැටියා මේ ලෝකෙට එන්න සති පහක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. පුංචි පැටියා ඕනෙම වෙලාවක පිළිගන්න බලාගෙන අම්මත් තාත්තත් සූදානමින් ඉන්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
පුංචි පැටියෙක් බිහි කරන්න ඉන්න අම්මා කෙනෙක්ගේ හිතේ චකිතයක් නැත්නම් ඒක පුදුමයට කරුණක් කියන්නත් බැරි නැහැ. ඒත් සොබාදමේ අසිරියක් විදියට සති තිස් ගණනක් පුරා මේ සිදු වූ සිදුවීම් අදහාගන්නත් බැරි තරම්. ඒ කොහොම වුණත් පුංචි පැටියා දකින්න අම්මා කෙනෙක්ගේ හිතේ තියෙන ආසාව, ඔය කොයි වේදනාවක් උනත් යටපත් කරන්න සමත් කියලා කිව්වට වරදක් නැහැ.
සාමාන්‍ය ප්‍රසූතිය ගැන අම්මාගේ හිතේ බියක් තියෙනවා නම් ඒ ගැන දැනුවත් වෙලා අනිසි බය නැති කරගන්න. සාමාන්‍ය ප්‍රසූතිය අත්විඳින්න ලැබීමත් වාසනාවක් විදියට හිතන්න. වේදනාවන් අතරින් වුණත් පැටියාගේ මුහුණ දකින අම්මාට හැමදේම අමතක වෙලා යන්න ගතවෙන්නේ බොහොම සුළු වෙලාවක්.
සාමාන්‍ය ප්‍රසූතිය ගැන එක් එක් අය දරන අදහස් අනුව නිගමනයකකට එනවාට වඩා ඔබේ වෛද්‍යවරයා හරහාම දැනුවත් වීම බොහොම වැදගත් වෙනවා.
දැන් පුංචි පැටියාගේ බර කිලෝ ග්‍රෑම් දෙකහාමාරට වැඩියි. දිනකට අවුන්සයක වගේ ප්‍රමාණයකින් බර වැඩි වීම සිදුවෙනවා. ඒ වගේම උස සෙන්ටිමීටර් 47 ට වැඩියි.
පුංචි පැටියා වෙනුවෙන් රාත්තල් 7 ක ඉඩක් වෙන් වී ඇත.
ප්‍රසූතිය ආසාන්න වන විට වේදනාව වැඩි විය හැකි අතරම එය අවම කර ගැනීමටත් නිවැරදි ඉරියව්ම භාවිත කරන්න.
මීට පෙර ලිපිවල මේ පිළිබඳව දැනුවක් කොට ඇති. මෙසේ පිටවන ශ්‍රාවයේ වර්ණයක් හෝ දුගඳක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම පමා නොකරන්න.
මේ වගේ විශාල පරිවර්ථනයක් කාන්තාවකගේ සිරුරේ සිදුවන වෙනත් අවස්ථාවක් නොමැති බව මේ වන විට අම්මාට වැටහී ඇති බවට නම් සැකයක් නැහැ. සැබවින්ම මෙය සොබාදහමේ ආශ්චර්යයක්ම ය. අම්මාට පුළුවන් පුංචි පැටියා ලැබෙන්න ආ දවසේ ඉඳන්ම මතක් කරලා බලන්න. ඇත්තටම පුදුම හිතෙනවා නේද?
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
සොබාදහමේ ආශ්චර්යයක් වගේ සති 37 ක කාලයක් මව්කුස තුළ මොහොතින් මොහොත වෙනස්කම්වලට බදුන් වෙමින් සැකසුණු ඔබේ පුංචි පැටියා දැන් මේ ලෝකයට පය තියන්නට සුදුසු මට්ටමටම වර්ධනය වී අවසන්.
පුංචි පැටියාගේ බර මේ වෙද්දී කිලෝ තුනට (2. 850 Kg) ආසන්නයි. ඒ වගේම උස දළ වශයෙන් සෙන්ටිමීටර් 50ක් පමණ. සති 37 - සති 42 ත් අතර ඕනෑම අවස්ථාව දරුවෙකු බිහි විය හැකි වුවත් ඉදිරි සති දෙක ඇතුළත පුංචි පැටියාගේ මොළය සහ පෙනහලු හොඳින් පරිණත වීම සිදුවන නිසා අත්‍යවශ්‍ය කරුණක් මත හැරුණු කොට ප්‍රසූතිය සිදු නොකරයි.
පළමු අදියර Latent Phase (අභ්‍යන්තරයේ ක්‍රියාත්මකයි) සහ Active Phase (ක්‍රියාකාරී පියවර) පියවර දෙකකි.
ප්‍රසූත වේදනාව ක්‍රමානුකූලව ඇති වෙමින් ගැබ්ගෙල 0 සිට 4cm දක්වා විවෘත වේ. පළමු ප්‍රසූතියේදී නම් මේ සඳහා පැය 16 - 18ක් (දෙවන ප්‍රසූතිය නම් පැය 8 - 12 පමණ) පමණ ගත වේ. මේ අවස්ථාවේදී රෝහල් ගත වීම (උල්බ කෝෂයට හානි වී උල්බ තරලය පිටවීම/රුධිර වහනය ඇත්නම් රෝහල්ගත වන්න) අත්‍යවශ්‍ය නොවේ. වේදනා නාශක ඖෂධ ලබාගැනීමත් ස්වසන ව්‍යායාමවල යෙදීමත් ප්‍රමාණවත් වේ. වේදනාවේ රිද්මය හා භ්රෑණ චලන පිළිබඳව සැලකිලිමත් වන්න.
ගැබ්ගෙල 4cm - 10cm තෙක් විවෘත වීම සිදුවේ. මේ සඳහා පැය 6 - 10ක කාලයක් හෝ මීට වැඩි කාලයක් වුවත් ගත විය හැක. සෑම පැයකටම 1cm ලෙස ගැබ්ගෙල විවෘත වීම සිදුවේ. ඇතැම් විට මීට වඩා වැඩි කාලයක් වුවද ගත විය හැක. සූතිකාගාරය වෙත යොමු කරන්නනේ ගැබ්ගෙල විවෘත වන ප්‍රමාණය යෝනි මාර්ගය හරහා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය 4cm වැඩි ප්‍රමාණයක් විවෘතව ඇති මව්වරුන් පමණි.
සම්පූර්ණ වූ ගැබ්ගෙලෙන් හිස පහළට ඒමට පැයක් පමණ ගතවේ. වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම ඔබේ ප්‍රසූතිය පහසු කරවයි. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබව දැනුවත් කරන ආකාරයට හුස්ම රඳවා ගනිමින් තැටමීමත් සිදු කළ යුතුයි. ලබා දෙන උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක වීම සංකූලතා අවම ප්‍රසූතියකට හේතු වේ. ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ ඇති විය හැකි දරුණු ඉරීම් වළක්වා ගැනීමට ඇතැම් මව්වරුන්ට එපිස් කැපුම යොදයි.
ප්‍රසූතියෙන් පසු
මේ සඳහා සාමාන්‍යයෙන් පැය භාගයක් පමණ ගතවේ. එන්නත් ලබාදෙමින් රුධිර වහනය අවම කිරීමට කටයුතු කරන අතරම අදාල කාලය තුළ වැදෑමහ පිටතට නොපැමිණියහොත් වැදෑමහ පිටතට ගැනීමට පියවර ගනී.
සතිය සතිය අවසන් වීගෙන යනවා. මේ ඔබ ළං වෙන්නේ පුංචි පැටියා දෝතට ගන්න දවසට. අම්මා විතරක් නෙවෙයි තාත්තත් ඇඟිලි ගැන ගැන ඉන්නේ පුංචි පැටියා දැකගන්න. අම්මා ගැන හිතේ පිරුණු ආදරයත් ගෞරවයත් එක්කම තාත්තා බලාගෙන ඉන්නේ මේ පුංචි පැටියාව ආදරෙන් තුරුලු කරගන්න ලැබෙන දවස උදා වෙනකන් තමයි.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
අම්මා කෙනෙක් පුංචි පැටියෙක් බිහි කරන්න විඳින්නේ අසීමිත වේදනාවක් මෙන්ම අපහසුතාවයක්. ඒත් ඒ සියල්ල පුංචි පැටියාගේ මුහුණ දකින තුරු පමණයි. සාමාන්‍යයෙන් මිනිසුන්ට දැනෙන වේදනාවන් අතරින් දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාව අධික වේදනාවක් ලෙස නම් කෙරෙනවා. නමුත් එය එක් එක් කාන්තාවට අනුව වෙනස් වෙනවා.
ඇතැම් කාන්තාවන් සාමාන්‍ය ප්‍රසූතියට බිය වන්නේ මින් පෙර මුහුණ දුන් අත්දැකීමක්, අසන්නට ලැබුණු සාවද්‍ය තොරතුරු හෝ නොදැනුවත්කම නිසා විය හැකියි. එනම් පුංචි පැටියා සාමාන්‍ය ක්‍රමයට බිහි කිරීමට මවක් බියවන්නේ පවතින මානසිකත්වයට අනුව විය හැකියි. වේදනාව අඩු/වැඩි වන්නේද මානසික තත්ත්වයට අනුව යැයි පැවසීම වරදක් නැහැ.
නමුත් ප්‍රසූතිය පිළිබඳව දැනුවත් වීමත් ධනාත්මක ආකාලපයත් වේදනාව අවම කරගැනීමට අම්මාට ලොකු සහයෝගයක් ලබාදේවි. තවද ප්‍රසූත වේදනාව අවම කිරීමට අවම මට්ටමේ සිට උපරිම මට්ටම දක්වා වූ ක්‍රම බොහොමයක් ශ්‍රී ලංකාවේ රෝහල්වල ද ක්‍රියාත්මක වේ.
මේ වෙද්දී පුංචි පැටියා සම්පූර්ණයෙන්ම වාගේ වර්ධනය වී ස්වාධීනව තම ජීවිතය පවත්වා ගත හැකි පරිද්දෙන් සැකසී අවසන්. දැන් පුංචි පැටියාගේ හිසේ සිට පාදාන්තය දක්වා උස අඟල් විස්සට (19.5) ට ආසන්නයි.
චලන තීව්ර මෙන්ම වේදනාකාරී බවක් දනවයි
හොඳින් වර්ධනය වී ඇති පුංචි පැටියාගේ අත් පා දිග හැරීම් නිසා මේ තත්ත්වය ඇති විය හැක.
සාමාන්‍යයෙන් ප්‍රසූතිය පහසු කරවීමට දරුවාගේ හිස පහත හැරීම සිදු වේ.
ගැබ්ගෙල තුනී නම් ප්‍රසූතියේදී පහසුවෙන් විවෘත වේ. වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇත.
මේ කාලයේ සාමාන්‍ය තත්ත්වයකි. ශරීරය තුළ පීඩනය, නහරවල පීඩනය නිසා රුධිරය සංසරණයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ඇති වන තත්ත්වයකි. අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි නම් වෛද්‍ය උපදෙස් පතන්න.
උදරයේ වේදනාව, ඔක්කාරය වැනි අපහසුතා ඇත්නම් වෛද්‍යවරයා හමුවන්න.
පුංචි පැටියාගේ පෝෂණය සැපිරීම වෙනුවෙන් මේ වන විට පියයුරුවල කිරි නිපදවීම සිදු වේ.
අම්මා කාලය ගත කරන්නේ ප්‍රසූතිය ගැන බියෙන්. එහෙම නේද? ඒත් අද වෙද්දී ප්‍රසූති වේදනාව අවම කරන ක්‍රම බොහොමයක් අපේ රටේත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වේදනාව අවම කරවන ක්‍රමයක් තමාට අවශ්‍ය ලෙස පවසා එය ඉල්ලා සිටීමත් අම්මාගේ අයිතිවාසිකමක්.
පෞද්ගලික රෝහල්වලදී පුංචි පැටියාගේ තාත්තාට එයා මේ ලෝකෙට බිහිවෙන අවස්ථාවේ අම්මාගේ හිතට හයියක් වෙන්න ළඟින් ඉන්න පුළුවන් වගේම ඇතැම් රජයේ රෝහල්වලත් පුංචි පැටියාගේ අම්මාට ආච්චි අම්මා, ලොකු අම්මා, පුංචි අම්මා නැත්නම් අම්මාගේ හොඳම යෙහෙළියක් වැනි තමාට සමීප කාන්තා පාර්ශවයේ අයෙක් ළඟ තියාගන්න අවස්ථාව ලබා දෙනවා.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
දැන් අම්මට තාත්තට විතරක් නෙවෙයි ආච්චිට සීයටත් නැන්දට මාමාටත් බණ්ඩිය ඇතුළේ ඉන්න පුංචි පැටියටත් ඉවසීමක් නැහැ. කොයි වෙලේද අම්මාගේ තුරුල්ලට එන්නේ කියලා පුංචි පැටියා බලාගෙන ඉන්නවා. කොයි තරම් නොඉවසිල්ලක් තිබුණත් අම්මාගේ හිත බියකින් පිරිලා වගේ.
ඒත් ඇයි ඒ... ඔබේ සහයට වෛද්‍ය කාර්ය මණ්ඩලය වගේම මෙතෙක් කල් ඔබව පරීක්ෂා කළ වෛද්‍යවරයාත් ඉන්නවා. ඒ වගේම ඔබ තෝරාගන්න රෝහල අනුව සැමියා/මව/සහෝදරිය වගේ එක් අයෙක් ළඟ තියාගන්නත් පුළුවන්. බිය නිසා ඔබ මේ වේදනාකාරී වුවත් සොඳුරු අවස්ථාව පීඩනයක් කරගන්න උත්සාහ කරන්න එපා. සතුටෙන් මුහුණ දෙන්න.
සාමාන්‍ය ප්‍රසූතියට සුදුසු පරිදි මේ වන විට පුංචි පැටියාගේ හිස පහළට හැරී පවතී. බාහිර ලෝකයට පැමිණි විගස සිරුරේ උෂ්ණත්වය පවත්වා ගැනීමට අවශ්‍ය වන පරිද්දෙන් සම මතුපිට මේද තට්ටුවක් තැන්පත් වී අතරම මේ පුංචි පැටියාගේ බර කිලෝ තුන ඉක්මවා (මෙම බර නියතයක් නොවන අතර වෙනස් විය හැකිය) ගොස් ඇත.
දරු ප්‍රසූතියට නිශ්චිත දිනයක් ලබා දුන්නද ඒ දිනයටම ප්‍රසූතිය සිදු වන්නේ 5% ක් පමණ අඩු ප්රතිශතයකි. 80% ක් පමණ උපත ලබන්නේ සති 37-42 ත් අතරයි. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් සූදානම්ව සිටිය යුතුය.
මෙමගින් දරු ප්‍රසූතිය ආසන්න බව දැනුම් දේ. පුංචි පැටියාගේ හිස යෝනිය දෙසට තල්ලු වන විට ඇති වන තත්ත්වයකි
යෝනියේ ඇතිවන පළල් වීම ප්‍රසූතියේ පූර්ව ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. යෝනි මාර්ගයේ ඇතිවන පළල් වීමත් සමග ගැබ්ගෙල විස්තාරණය වන බවට ලක්ෂණයක් ලෙස මද වශයෙන් රෝස, රතු හෝ දුඹුරු පැහැයට රුධිර වහනයක් දැකිය හැකිය.
දැන් නම් පුංචි පැටියටත් බොහොම හදිස්සි ඇති අම්මාව දැකගන්න. ඒත් කෝ මේ පුංචි පැටියා එන ඉඟියක් තාම නෑනේ. ඒක නම් ඇත්ත නේද? අම්මයි තාත්තයි බලන් ඉන්නවා. පුංචි පැටියා තවමත් බණ්ඩිය ඇතුළටම වෙලා ඉන්නවා. ඔහොම ඉන්නකෝ බලන්න, මේ පුංචි පැටියා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
ගැබිනි සමයේ අවසාන සතියටයි ඔබ මේ පිවිසුණේ. මේ වන තෙක් ප්‍රසූතිය සම්බන්ධ ඉඟියක් මවට නොදැනුණා නම් තවත් දින පහක් පමණ එනම් 41 වන සතිය සම්පූර්ණ වීමට පෙර ප්‍රසූතිය සිදුකළ යුතුයි. නමුත් සති 40 ඉක්ම යාමට පෙර මව්වරුන්ට රෝහල් ගත විය යුතු දිනය සම්බන්ධව වෛද්‍යවරයා විසින් දැනුවත් කරනු ඇති. නමුත් බහුතරයක් මව්වරුන් සති 40 වීමට පෙර දරුවා ප්‍රසූත කරනවා.
අපේ රටේ ක්‍රමයට අනුව දරුවා බිහිවීම පිළිබඳව 42 වන සතිය තෙක් බලා නොසිටින අතර සති 41 සම්පූර්ණ වීමට පෙර එනම් සති 40 දින පහක් පමණ ඇතුළත ප්‍රසූතිය සිදු කිරීම උචිත බව වෛද්‍යවරු පවසනවා.
දැන් මේ පුංචි පැටියාගේ බර කිලෝ පහට වැඩියි. ඒ වගේම උස සෙන්ටිමීටර් 51 විතර. හිස්කබල තවමත් සවිමත් ලෙස සකස් වී නැත්තේ ප්‍රසූතියට පහසුවක් වීම සඳහායි.
ප්‍රසූති වේදනා පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එසේම උල්බ කෝෂය බිඳී යාමක් සිදු වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය බව සිහි තබාගන්න.
හැමෝගෙම ආදරය, සෙනෙහස, සැලකිල්ල මැද්දේ අම්මා ගත කරපු ගැබිනි සමට අවසන් වෙන්නේ මව්පදවියේ උත්තරීතර කිරුළ අම්මාගේ හිසේ පළඳවලා. මව් පදවිය කෙතරම් භාරදූර වුණත් පුංචි පැටියාගේ හුරතල් දඟකාරකම් සමග එය බොහොම ආදරණීයව ගෙවිලා යයි.
දවසක මේ පුංචි පැටියත් අම්මෙක් හරි තාත්තෙක් හරි වේවි. එදාට අම්මාත් තාත්තාත් මේ ලබන අත්දැකීම් බොහොම ආදරෙන් එයාලා එක්ක බෙදා ගන්න පුළුවන්. එහෙම නම් අපේ සුබ පැතුම් අලුත් අම්මාටයි තාත්තාටයි පිරිනමනවා බොහොම ආදරෙන්.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි
මෙතැන් පටන් ඔබේ පුංචි පැටියා කැදැල්ලට එකතුවෙනවා. ඒ ඔබේ පුංචි පැටියාව ආදරයෙන් බලාගන්න, නීරෝගීව තියාගන්න වගේම හොඳ දරුවෙකු ලෙස හදන්න අවශ්‍ය දැනුම ලබාගන්න මේ වෙබ් පිටුවට ඔබත් පිවිසෙන්න.
අලුත ඉපදින්න ඉන්න ඔබේ දරුවාගේ වර්ධනය පිළිබඳව මේ ලිපි ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා උපකාරී වේවි.