ගැබිනි මව්වරුන්ගේ අත්ල හිරි වැටෙන්නේ ඇයි?

By: - 2019 මාර්තු 21
baby


දරුවෙකු කුස පිළිසිඳි මවක් එම දරු පැටියා මෙලොවට බිහිකරන තෙක් නොයෙක් ආකාරයේ අපහසුතා මෙන්ම සංකුලතාවයන්ට මුහුණ දෙන බව අප කොතෙකුත් අසා ඇති. මෙසේ මව්වරුන් මුහුණ දෙන සංකුලතා අතර දැක ගත හැකි එක් තත්ත්වයක් ලෙස ගැබිනි සමයේ දෑත් හිරි වැටීම දැක්විය හැකිය. අද ලිපිය සැකසෙන්නේ ඒ හා සම්බන්ධව මව්වරුන් දැනුවත් කිරීම හා සම්බන්ධයෙනි.

බොහෝ විට මේ තත්ත්වය ඇතිවන්නේ මහපටඟිල්ල, දබරඟිල්ල හා මැඳගිල්ල යන ස්ථාන වල වන අතරම අත්ල හිරි වැටීම, පුපුරු ගැසීම වැනි වේදනාවක් මෙහිදී ඇති වේ. ඇතැම් මව්වරුන්ගේ එක් අතකටද තවත් මවකගේ අත් දෙකටම වුවද මේ තත්ත්වය ඇති විය හැක. මෙහිදී පොල් මිරිකීම, රෙදි මිරිකීම වැනි ක්‍රියාවලදී අතේ අප්‍රාණික බවක් ඇති විය හැකි අතරම තදින් අල්වා ගැනීමේ හැකියාව අඩු වේ. මේ තත්ත්වය රාත්‍රි කාලයේදී වැඩිවන අතර අත එල්ලා වැටෙන සේ තබාගැනීමෙන් තත්ත්වය මඟහරවා ගත හැකිය.

බොහෝ විට මේ තත්ත්වය ඇතිවන්නේ මහපටඟිල්ල, දබරඟිල්ල හා මැඳගිල්ල යන ස්ථාන වල වන අතරම අත්ල හිරි වැටීම, පුපුරු ගැසීම වැනි වේදනාවක් මෙහිදී ඇති වේ. ඇතැම් මව්වරුන්ගේ එක් අතකටද තවත් මවකගේ අත් දෙකටම වුවද මේ තත්ත්වය ඇති විය හැක. මෙහිදී පොල් මිරිකීම, රෙදි මිරිකීම වැනි ක්‍රියාවලදී අතේ අප්‍රාණික බවක් ඇති විය හැකි අතරම තදින් අල්වා ගැනීමේ හැකියාව අඩු වේ. මේ තත්ත්වය රාත්‍රි කාලයේදී වැඩිවන අතර අත එල්ලා වැටෙන සේ තබාගැනීමෙන් තත්ත්වය මඟහරවා ගත හැකිය.

ගැබිනි සමයේදී සිරුරේ පවතින තරල ප්‍රමාණය ඉහළ බැවින් ඉදිමාව ඇතිවන අතර එම ඉදිමාව මගින් මහපටඟිල්ල, දබරඟිල්ල, මැදඟිල්ල ප්‍රදේශයේ හා අත්ලේ මාංශ පේශී කිහිපයකට ස්නායූ සපයන මධ්‍ය ස්නායුව (Median nerve) පීඩනයට ලක්කරවයි. මෙම තත්ත්වයට බලපෑ හැකි වෙනත් හේතූ ලෙස මැණික් කටුව අස්ථිය බිඳීමකට ලක්වීම, දියවැඩියාව, තයිරොයිඞ් හෝමෝනය අඩුවීම, අධික තරබාරුව, සන්ධි රෝග වැනි තත්වයන්ද දැක්විය හැක.

මෙම අත්ල හිරිවැටීමේ සංකුලතාවය සාමාන්‍යයෙන් ගැබිනි සමයේ දෙවන හා තෙවන ත්‍රෛමාසිකයන්හිදී ඇති විය හැකි අතරම බොහෝ විට ප්‍රසූතියෙන් පසු මග හැරී යයි. ඇතැම් විට ප්‍රසූතියෙන් පසුවද පවතින අවස්ථාවන්ද වේ.

අත්ල හිරිවැටීම හෙවත් Carpal Tunnel Syndrome ඇති මවක් පෙන්නුම් කරන ලක්‍ෂණ.
  • අතේ කොටසක ඇති වන පුපුරු ගැසීම හෝ හිරි වැටීම (මහපටැඟිල්ල, දබරඟිල්ල, මැඳගිල්ල හෝ මුදුඟිල්ල).
  • මැණික් කටුවේ සිට බාහුව දෙසට ගමන් කරන තියුණු වේදනාව.
  • ඇඟිලිවල ඇති වන දැවිල්ල.
  • උදේට අතේ ඇති වන තද ගතිය හෝ අතෙහි හිරි වැටීම.
  • මහපටඟිල්ලේ ඇති වන දුර්වල භාවය.
  • නිතරම යමක් අතින් ඇල්ලීමේදී එය අතහැරීම (වැටීම).
  • වේදනාව හෝ හිරි වැටීම නිසා රාත්‍රියේ අවදි වීම.
  • රිය පැදවීමේදී අත හිරි වැටීම.
  • යමක් විවෘත කිරීමට නොහැකි වීම (කරකවා).
  • දත් මැදීම, හිස සේදීම ආදිය අපහසු වීම.
අත්ල හිරිවැටීම හෙවත් Carpal Tunnel Syndrome ඇති මවකට ප්‍රතිකාර
  • පතුරු හෝ වෙළුමක් මැණික් කටු සන්ධියට යොදා එය නැවීම වැළැක්වීම. රාත්‍රියට විශේෂයි.
  • මැණික් කටුව නැවීමට හේතු වන ක්‍රියාවල නොයෙදීම.
  • සිසිල් ප්‍රතිකාර භාවිතය.
  • විවේකයක් ලබාදීම.
  • මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශය හැකි ආකාරයට ඔසවා තැබීම උදා: කොට්ට දෙක තුනක් තබා එසවීම.
  • යෝග ව්‍යායාම පුහුණුව.
  • ශාරීරීක ව්‍යායාමවල යෙදීම.
  • ලුණු සහිත ආහාර සීමා කිරීම.
  • අත හිසට ඉහළින් ඔසවා ඇඟිලි නැවීම.
  • වේදනාව සමනය කිරීම (සම්භාහනය, ඖෂධ භාවිතය).
  • කෝප්ප 2 ක් ගෙන ඉන් එකකට උණු වතුර ද අනෙක් කෝප්පයට සීතල ජලය (Iced water)ද ගෙන ඉන් එකක තත්.30 බැගින් අත ගිල්වා තැබීම. මෙය මිනිත්තු 3 ක් පමණ හෝ අවශ්‍ය පරිදි මාරුවෙන් මාරුවට කිරීම.
අත්ල හිරිවැටීම හෙවත් Carpal Tunnel Syndrome ඇති මවකට ව්‍යායාම
  • අත ඔසවා ඔබට හැකි පමණ ඇඟිලි විහිදීම. තත්ත්පර කිහිපයක් තබාගෙන නැවත ඇඟිලි ලං කිරීම.
  • අත මිට මොළවා ඇඟිලි ශක්තිමත් ලෙස තද කිරීම.
  • අත සෙමින් ඉහළ හා පහළට, පැත්තෙන් පැත්තට හා රවුමට චලනය කිරීම (මෙම ව්‍යායාම වේදනාවක් ඇති වේ නම් නතර කරන්න).
  • නිසි වෛද්‍ය උපදෙස් මත චීන කටු චිකිත්සාව.
  • අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

    සම්බන්ධිත ලිපි

    Terms and conditions

    All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More