අපස්මාර තත්ත්වය ඇති ගැබිනි මවක් සැලකිලිමත් විය යුතු කරනු මොනවාද?

By: - 2019 මැයි 9
baby


අපස්මාරය (Epilepsy), ආක්ෂේප (Convulsion/ seizures/Fits) යන නම්වලින් හඳුන්වන මෙම තත්ත්වය කාලීන රෝග තත්ත්වයන්ට (Chronic disorders) අයත් වේ. මෙහිදී බලාපොරොත්තු නොවන වේලාවන්හිදී අසාමාන්‍ය ගැස්මක් ඇති වේ. ඉච්ජානුක පේශී තුළ අනිච්ජානුක (හිතාමතා නොවන) සිදුවන ගැස්ම (Spasm) මෙයට හේතු වන්නේ මොළයේ චාලක කේන්ද්‍රයේ සිදුවන සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයේ යම් වෙනසකිනි. මෙහිදී මොළයේ නියුරෝන මගින් අමතර විද්‍යුත් ක‍්‍රියාකාරීත්වයක් ඇති කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය ඇති වේ.

අධික උණ, හිසට සිදුවන අනතුරු වැනි වෙනත් රෝග තත්ත්ව මතද ඇති විය හැකි අපස්මාරය ආක්ෂේප ඇති වීම ලක්‍ෂණ කොට ගත් රෝග තත්ත්වයකි. ආක්ෂේප ඇති වීම අවස්ථා 3 කි.


පූර්ව රූප පෙන්වන අවධිය (Aura stage)

මෙහිදී උත්තේජන නොමැතිව බොහෝ සංවේදන ඇති වේ.

උදා: ගඳ, සුවඳ, රස, භයානක ශබ්ද, සංගීත ශබ්ද

මෙම තත්ත්වය අපස්මාර රෝගියෙකු විසින් හඳුනාගත යුතුව ඇත. එය රෝගියාගේ ආරක්‍ෂාවට උපකාරී වේ. එම උත්තේජන ගැන අවබෝධයකින් සිටීමෙන් විය හැකි අනතුරු වළක්වා ගත හැකිය.


තැනක අවස්ථාව (Tonic Stage)

මාංශ පේෂී තද වී ආක්ෂේප ඇති වේ. ස්වසනය නැවතිය හැක. තත්ත්පර කිහිපයක් පවතී. ශරීරයේ සම්පූර්ණයෙන් හෝ කොටසකට පමණක් ඇති විය හැක.


ක්ලෝනික අවස්ථාව (Clonic Stage)

පේශී ඉහිල් වේ. සෙම වැගිරේ. මල මුත‍්‍රා පිටවිය හැක.

ගර්භණි කාලයේදී අපස්මාර තත්ත්වය ඇති වුවහොත් වැඩෙන කලලයට අහිතකර ප‍්‍රතිඵල ඇති කරයි. කලලයේ හද ගැස්ම අඩුවීම, සැපයෙන ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වීම (මෙමගින් මොළයේ සෛල මිය යා හැක) ගර්භෂයෙන් අපරාව ප‍්‍රසූතියට පෙර ගැලවීම, ගබ්සා වීම ඇති විය හැක. මේ නිසා පහත උපදෙස් පිළිපැදිය යුතු වේ.

  • වෛද්‍ය නියමය අනුව ප‍්‍රති ආක්ෂේප ඖෂධ (anticonvulsant drug) ගැනීම. මෙම ඖෂධ මගින් රුධිරයේ ෆෝලික් අම්ල මටට්මට බාධා ඇති වන නිසා එසේ අඩු වීමෙන් දරුවාගේ ස්නායු ආබාධ ඇති විය හැක. මේ නිසා ෆොලික් අම්ල විටමිනය ලබා ගත යුතුමය.
  • දිනපතා සායනවලට සහභාගී වීම
  • රුධිර පීඩනය අධික වීමෙන්ද (Hypertension) මෙම තත්ත්වය ඇති විය හැක. මේ නිසා රුධිර පීඩනය පාලනය කරගත යුතු වේ.
  • හදිසියේ ඇති විය හැකි අනතුරුවලින් වළක්වා ලීම. (විදුලි උපකරණ භාවිතය, ජලාශ ආශ‍්‍රිතව නොයාම, තනිව ගමන් නොයාම)
  • අපස්මාරය විනිශ්චය කරන ලද රෝග විනිශ්චය කාඩ්පත ළඟ තබාගැනීම.
  • Aura අවස්ථාවේදී තමාට ලැබෙන උත්තේජන පිළිබඳව අවබෝධයෙන් සිටීම. එමගින් ආරක්‍ෂිත ස්ථානයකට යාමට උපදෙස් දීම.
  • අපස්මාර තත්ත්වය වෛද්‍යවරයෙකු විසින් රෝග විනිශ්චය කළ යුතුය. ලක්‍ෂණ ලෙස හිසරදය, කරකැවිල්ල, ක්ලාන්තය, ව්‍යාකූල බව, අමතක වීම ඇති විය හැක.
  • නාන කාමරය තුළ උපකරණ බහුල, තද ගැටි සහිත ස්ථාන නොතිබිය යුතුය.
  • නාන කාමරයේ හෝ නිදන කාමරය අගුළු නොදැමිය යුතුය.
  • මුලුතැන්ගෙය තුළදී පිහිය ආදී තියුණු උපකරණ භාවිතය වැළකීමට හැකි නම් වඩා සුදුසුය. එසේ නොවන විට ඒ සඳහා කාගෙන් හෝ උපකාර ගත යුතුය.
  • නිතර අපස්මාරය ඇති වන මවක් නම් නිදන කාමරයේ උස අඩු ඇඳක් හෝ එසේ නොමැති නම් බිමට මෙට්ටයක් දමා නිදාගැනීම සුදුසු වේ. මෙට්ටය වටා කොට්ට තබා ගන්න. හිසට තබන කොට්ට ප‍්‍රමාණය අඩු කරගන්න.
  • රිය පැදවීම නොකළ යුතුය.
  • නාන කාමරය තුළදී ගලායන ජලය මගින් නෑම සුදුසු වන අතර bath tub වල ගිලී නෑම නොකළ යුතුය.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය D.M.I දිසානායක මහතා සමග සකසන ලද ලිපියකි.

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More